Tuesday, November 10, 2026
HomeNEWSසිරුරට ගිනි ඇවිලී තිදරු පියා ජීවිතක්ෂයට

සිරුරට ගිනි ඇවිලී තිදරු පියා ජීවිතක්ෂයට

සිරුරට ගිනි ඇවිලිමෙන් පුද්ගලයෙකු ආපන ශාලාවේ මුළුතැන්ගෙය තුළ අද (14) උදැසන 8ට පමණ ජීවිතක්ෂයට පත් වී ඇති බව ලිඳුල පොලීසිය පවසයි.

මෙසේ සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් වී ඇත්තේ, ලිඳුල ලැමරියර් වතු යායේ පදිංචි මරුදෙයිවිරන් පෙරුමාල් නැමති 74 හැවිරිදි තිදරු පියෙකි.

ඔහු ලිඳුල නගරයේ ආපනශාලාවක කොකියෙකු වශයෙන් සේවය කළ බවත්, සුපුරුදු පරිදි අලුයම ආපන ශාලාව වෙත පැමිණ ආහාර පිසිමින් සිටින අවස්ථාවේ සිරුරට ගිනි ඇවිලිමෙන් ආපනශාලාවේ උඩු මහලේ පිහිටි මුළුතැන්ගෙහි තුළ මියගොස් ඇති බවට සැකකරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලිඳුල පොලීසිය කියා සිටියේය.

සිරුරට ගිනි ඇවිලෙන අවස්ථාවේ ආපන ශාලාවේ කිසිවෙක් සිට නොමැති බවත්, ආපනශාලාවේ හිමිකරු ආපන ශාලාවට පැමිණ පරීක්ෂා කරන අවස්ථාවේ කෝකියා මියගොස් ඇති බව දැක පොලීසියට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img