සිව්දෙනෙකුට සුවයි
කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 04 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව සුවය ලැබු සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2, 670 දක්වා ඉහළ ගොස් ඇත.
ආසාදිතයින් 209 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්රතිකාර ලබයි.
අද දින සුවය ලැබූ රෝගීන්ගෙන් දෙදෙනෙකු ඉරණවිල රෝහලෙන් ද අනෙක් දෙදෙනා වැලිකන්ද සහ මිනුවන්ගොඩ යන මූලික රෝහල්වලින් ද ප්රතිකාර ලැබූවන් වේ.






















