සුදුසුකම් සපිරූ සංචාරක රියදුන්ට රජයෙන් ගෙවන රුපියල් 15.000 දීමනාව සතියක් තුල ගෙවන්නැයි ඇමති ප්‍රසන්නගෙන් උපදෙස්
කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් සංචාරක රියදුන් සදහා රජය ලබා දෙන රුපියල් 15,000 ක දීමනාව කඩිනමින් ගෙවීමට වහා කටයුතු කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි. ඉදිරි සතිය තුල ඒ සදහා ඉල්ලම් කර සුදුසුකම් සපුරා ඇති සියළුම දෙනාට මෙහි ගෙවීම් කටයුතු සිදු කර අවසන් කරන ලෙසද ඇමතිවරයා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරියට අද (16) උපදෙස් දුන්නේය.
කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්වු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි රියදුරන්ට හා මාර්ගෝපදේශකයන්ට එක්වරක් පමණක් රුපියල් 15,000 හා 20,000 බැගින් වූ දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබිණ. එහෙත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති බව සදහන් රියදුරන් බොහෝමයක් නිසි ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී නොතිබූ නිසා මෙම රියදුරන්ට රුපියල් 15,000 ක දීමනාව ලබා දීම දිගින් දිගටම ප්‍රමාදවිය.
මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ ඇමතිවරයා එලෙස ලියාපදිංචිය ක්‍රමවත්ව සිදු නොවූ රියදුරන්ගේ ලියාපදිංචිය කඩිනමින් විධිමත් කරන ලෙසද අධ්‍යක්ෂ ජෙනරාල්වරියට උපදෙස් තී තිබුණි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සදහන් කලේ සංචාරක සංවර්ධන අධිකාරියට ලැබී තිබෙන සංචාරක රියදුරන් 4313 කගේ අයදුම්පත් අතරින් සුදුසුකම් සැපිරු 3085 දෙනෙකුට අදාල රුපියල් 15,000 දීමනාව මේ සතිය තුල ලබා දීමට කටයුතු කරන බවයි. ඒ අතර පූර්ණ කාලීන සංචාරක රියදුරන් 1823 ක් සංචාරක බස් රථ රියදුන් හා රිය සහායකයන් 45 ක් ත්‍රිරෝදරථ රියදුන්ගේ 658 ක් හා සෆාරි රියදුරන් 559 ක් වෙති. සංචාරක සංවර්ධන අධිකාරියේ පුහුණුව නොලැබූ රියදුරන් 359 දෙනෙකුද මේ සදහා අයදුම් කර ඇති අතර ඔවුන් කඩිනමින් ලියාපදිංචිය සදහා යොමු කර ඇති බවද විජේසිංහ මහත්මිය කිවාය.






















