Wednesday, November 11, 2026
HomeNEWSසුපිරි නිවාස සංකීර්ණයක් ඉදිරිපිට සිදුවු ATM මුදල් කොල්ල තැත (CCTV සහිතයි)

සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිරිපිට සිදුවු ATM මුදල් කොල්ල තැත (CCTV සහිතයි)

ATM යන්ත්‍රයක් කැඩීමට උත්සාහ දැරූ පුද්ගලයින් දෙදෙනෙකු වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් දෙදෙනා රාජගිරිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සවිකර ඇති එම ATM යන්ත්‍රය තියුණු ආයුධයක් ආධාරයෙන් කැඩීමට උත්සාහ දරන අයුරු එහි සවිකර තිබූ CCTV කැමරාවේද සටහන්ව තිබුණි.

කෙසේවෙතත් ATM යන්ත්‍රය කඩා එහි තිබූ මුදල් සොරාගැනීමට අදාළ සැකකරුවන්ට හැකිවී නැත.

යන්ත්‍රයට වූ හානිය මෙතෙක් ගණනය කර නොමැති ඇතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කෝට්ටේ නගර සභාවේ කම්කරුවෙක් බව වාර්තා වේ.

අදාළ සැකකරුවන් රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචිකරවන් වන අතර ඔවුන් අයිස් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූ දෙදෙනෙකු බව පොලීසිය පවසයි.

සැකකරුවන් අලුත්කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img