Saturday, September 12, 2026
HomeNEWSසුපිරි නෞකාවක් කොළඹට සේන්දු වෙයි

සුපිරි නෞකාවක් කොළඹට සේන්දු වෙයි

සංචාරකයින් 1,800ට අධික පිරිසක් රැගත් ප්‍රින්සස් කෘෘස් සුඛෝපභෝගී මගී නෞකාව මෙරටට පැමිණ තිබේ.

සංචාරකයින් 1,894 දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 906 දෙනෙකු රැගත් එම නෞකාව අද පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වූ බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යංශය පැවසීය.

ඉන් පැමිණි සංචාරකයින් 159 දෙනෙකු කොළඹ වරායෙන් ගොඩබැස ඇති අතර ඔවුන් මහනුවර, පින්නවල, මීගමුව සහ ඉංගිරිය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.

අමෙරිකානු සමාගමකට අයත් දිගින් මීටර් 294ක් වන මෙම නෞකාව තායිලන්තයේ සිට පැමිණ ඇති අතර නෞකාව අද රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බවද වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර මාර්තු මස පළමු වන සතියේ විදෙස් සංචාරකයින් 25,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මාර්තු මස පළමුවන දින සිට 6වන දින දක්වා කාලය තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 24,363 දෙනෙකු වන අතර ඉන් වැඩිම පිරිස රුසියානු සංචාරකයින් බව එම අධිකාරිය පැවසුවේය.

ඒ අනුව මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් දෙලක්ෂ 34,547 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ජනවාරි මාසයේ සංචාරකයින් 102,545 දෙනෙකු පැමිණ තිබූ අතර පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 107,639 දෙනෙකු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img