Sunday, May 3, 2026
HomeNEWSLatest Newsසුරාබදු නිලධාරීන්ගේ වෘත්තිය ගැටලු විසඳීමට පියවර

සුරාබදු නිලධාරීන්ගේ වෘත්තිය ගැටලු විසඳීමට පියවර

සුරාබදු නිලධාරීන්ගේ වෘත්තිය ගැටලු විසඳීමට පියවර

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

සුරාබදු නිළධාරින්ගේ වෘත්තිය ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ අරලියගහ මන්දීරයේ ඊයේ (30) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

සුරාබදු නිළධාරින්ගේ වෘත්තිමය ගැටළු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන බලපෑම් මත සුරාබදු නිළධාරින්ට ස්ථානමාරු ලබාදීම වහාම නවතා දමන ලෙස උපදෙස් ලබාදී තිබේ.

සුදුසුකම් සැපයු නිළධාරින්ට පමණක් ස්ථානමාරුවිම් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ප්‍රතිලාභ ලබන ස්ථානවල සේවය කරන සුරාබදු නිළධාරින් ස්ථානමාරු ක්‍රමවේදයට අනුව නියමිත කාලයට මාරු කිරීමට පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරින්ට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බැංකුවක වංචාවක් ගැන සඳහන් කරමින් රවීගෙන් ජනපතිට ලිපියක්

NDB බැංකු වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කරුණු 05...

ත්‍රී රෝද රථවල ගාස්තුවල වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන...

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img