මේ මස මුල් සතිය තුළ සිදු කළ වැටලීම් වලදී සුරාබදු නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 516 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නොවැම්බර් මස 01 වනදා සිට 08 වනදා දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් වලදී අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේය.
සුරාබදු පනත උල්ලංඝණය කළ පුද්ගලයින් 391 දෙනෙකු සහ අන්තරායකර ඖෂධ පිළිබඳ ආඥාපනත උල්ලංඝණය කළ පුද්ගලයින් 73 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට අමතරව දුම්කොළ බදු පනත හා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී රුපියල් මිලියන 05ක් ඉක්මවා ගිය නඩු භාණ්ඩ සිය භාරයට ගත් බව ද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන 87කට එරෙහිව උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.






















