Sunday, May 3, 2026
HomeNEWSLatest News“සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනපතිට හඳුන්වා දෙයි ...

“සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනපතිට හඳුන්වා දෙයි …

“සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනපතිට හඳුන්වා දෙයි …


කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe)  ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හඳුන්වා දෙයි. 
කොවිඩ් ආසාදිතයන්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයන්ගේ සංචරණය කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන අභියෝග වේ. “සුවෙන් සිටිමු” (Stay Safe)  ඩිජිටල් ව්‍යාපෘතිය මේ ගැටළු දෙකටම එකවර විසඳුම් දෙයි. 
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (04) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා විසින් නව ව්‍යාපෘතිය හඳුන්වාදෙනු ලැබීය. 
“සුවෙන් සිටිමු” (Stay Safe)  QR කේතයක් මත පදනම් වේ. කොවිඩ් 19 වැළැක්වීමේ නිරත සියලු පාර්ශ්වයන්ට, වාණිජ හා රාජ්‍ය අංශයේ ආයතනවලට සහ සියලුම ජනතාවට පහසුවෙන් භාවිත කළ හැකි සරල ක්‍රමවේදයකින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. 
Staysafe.gov.lk වෙත පිවිසීමෙන් සෑම ආයතනයකටම අනන්‍ය QR කේතය ගත හැකිය. ලබන සෙනසුරාදා (07) සිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
ස්මාට් ජංගම දුරකථනයක් භාවිතයෙන් ඕනෑම ආයතනයක නම, ලිපිනය, හිමිකරුගේ නම සහ දුරකථන අංකය වැනි තොරතුරු කිහිපයක් දීමෙන් ඉතා පහසුවෙන් QR කේතය ගත හැකිය. එම කේතය මුද්‍රණය කර ආයතනයේ දොරටුවේ ප්‍රදර්ශනය කිරීමට පිළිවන. 
ස්මාට් ජංගම දුරකථනයක් ඇති හෝ නැති හෝ සියලුදෙනා ලියාපදිංචි කර ඔවුන් යන එන ස්ථාන හඳුනා ගනු ලැබේ. මේ පිළිබඳව සියලු මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට තොරතුරු හා සන්නිවේදන නියෝජිතායනය පියවර ගනු ඇත. 
කොවිඩ් කාර්ය සාධක බලකාය බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ජනාධිපතිතුමාට පැහැදිළි කළේය. 
ජනතාව වගකීමෙන්  ක්‍රියාකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ඇඳිරි නීතිය පැනවීමෙන් පමණක් ජනතාව හැසිරවීම අඛණ්ඩව කළ නොහැකිය. ජන ජිවිතය, රටේ ආර්ථිකය සහ අන් සියලු පැතිකඩ සමබරව සැලකිල්ලට ගෙන අවබෝධයෙන් යුතුව තීරණ ගත යුතු බව ජනාධිපතිතුමා පැවසීය. 
 වෛරසය මර්දනයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සූදානම් විය යුතු බව ද පැවසීය.  වෛරසය පාලනය සඳහා ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමා පොලීසියට උපදෙස් දුන්නේය.
ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img