සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේදී සෙන්කෝලය ඇල්ලීමට ගත් උත්සාහය හේතුවෙන් ඔහුට පාර්ලිමේන්තුව සති හතරකට තහනම් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය. ානායක වරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ සෙංකෝලය අතින් ඇල්ලීමට මන්ත්‍රීවරයෙකුට නොහැකි බවයි .ඒ අනුව එම වරද කිරීම හේතුවෙන් එම මන්ත්‍රීවරයාට සති හතරක කාලයක් පාර්ලිමේන්තුවටපැමිණීමට නොහැකි බවද කතානායකවරයා දන්වා සිටියේය.






















