අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග වෙත දෝෂාරෝපණය එල්ල කර ඇත .ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාසේවක අර්ථසාධක අරමුදල පොලිය සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් ගෙවිඳු කුමාර මන්ත්‍රීවරයා ප්‍රශ්න විමසූ අතර ඊට පිළිතුරු ලබාදෙමින් යංශය රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගෙවිදු කුමාරතුංග කිසිදු පදනමකින් තොරව ගැලරියට කතා කරන බවයි .ආර්ථික තත්ත්වය තිබුණු තත්ත්වයෙන් ගොඩ ඒමට ආණ්ඩුව පියවර රැසක් ගෙන තිබියදී එම අභියෝගයේ කිසිදු දෙයක් බාර නොගත් ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා විපක්ෂයට වී ආණ්ඩුව චෝදනා කරමින් කිසිදු වගකීමක් නොගෙනආණ්ඩුවට චෝදනා පමණක් එල්ල කිරීම කණගාටුවට කරුණක් බවයි .ඔහු වගකිව යුතු මන්ත්‍රීවරයකු ලෙස වගකීමක් බාර නොගෙන මේ ආකාරයෙන් ගැලරියට කතා කරමින් චෝදනා එල්ල කිරිම ගැන කණගාටුවට පත්වන බවද සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.






















