Wednesday, June 3, 2026
HomeNEWSඅමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිවන ආකාරයෙන් කටයුතු...

අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිවන ආකාරයෙන් කටයුතු කර…විමර්ශනවලදී හෙළි වී…

සිදුවීමට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාම පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිවන ආකාරයෙන් කටයුතු කර ඇති බව මුලික විමර්ශනවලදී හෙළි වී ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය 20 වැනිදා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර මහත්වරුන් අතර ඇති වු සිද්ධියේදී තිදෙනාම පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිවන ආකාරයෙන් කටයුතු කර ඇති බව මුලික විමර්ශනවලදී හෙළිවන බව එම විමර්ශන සිදුකරන කමිටුවේ සභාපති පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
මෙම රාජ්‍ය අමාත්‍යවරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ඇති වු සිදුවීම් සම්බන්ධයෙන් කමිටුව තවදුරටත් විමර්ශනය කිරීම සඳහා 9 වැනි බ්‍රහස්පතින්දා අවසන් වරට කමිටුව රැස්වන බවත් ඉන් අනතුරුව කමිටුවේ වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඉදිරිපත් කරන බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ප්‍රසිද්ධියේ එකිනෙකාට බැණ වැදීම්, දෝෂාරෝපණය කරගැනීම්, තල්ලුකරගැනීම්, ගැටුම වීඩියෝ කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් ඔස්සේ විමර්ශන කමිටුවේ දැඩි අවධානය යොමු වී ඇති බවත් පාර්ලිමේන්තුවේ ගෞරවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ බවද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙන ලදී.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ දෙවන දිනටත් මෙම විමර්ශන කමිටුව අද (06) දින රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පසුගිය 20 වැනි දින සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා මහත්වරුන් අතර ඇතිවු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කථානායකතුමා විසින් පත්කරන ලද කමිටුව එහි සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) දින පාර්ලිමේන්තුවේදී රැස්විය.
සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන මහත්ම මහත්මීන් අද දින මෙම විමර්ශන කමිටුව වෙත පැමිණ ඔවුන්ගේ සාක්ෂි ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.
රාජ්‍ය අමාත්‍යවරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා වෙන වෙනම මෙම කමිටුව වෙත කැදවා තිබුණ අතර ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා විට මෙම සිදුවීමට අදාළව පාර්ලිමේන්තුවේ CCTV දර්ශන ද නැරඹීමට සලස්වන ලදී.
ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද දින මෙම කමිටුව හමුවට කැඳවා තිබුණ ද අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් හේතුවෙන් ඒ මහතා අද දින නොපැමිණි අතර මීළඟට කමිටුව රැස්වන 09 වැනිදා ඒ මහතා කමිටුව හමුවට පැමිණීමට නියමිතයි.
මීට අමතරව ආණ්ඩු පක්ෂයෙන් හා විරුද්ධ පක්ෂයෙන් මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස නම් කරන ලද සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාළ යන මහත්මීන්ද මීළඟ කමිටු රැස්වීමට සහභාගී වීමට නියමිතව තිබේ.
මෙම විමර්ශන කමිටුවේ මීළඟ රැස්වීම නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 09 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේ ශ්‍රවනාගාරයේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මෙම විමර්ශන කමිටුවේ දෙවන රැස්වීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්ටියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහත්වරු ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගී වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img