Thursday, September 3, 2026
HomeNEWSLatest Newsසේවක තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

සේවක තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

සේවක තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

එළැඹෙන දින 3න ඇතුළත රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට පොලීසිය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී.

“TV දෙරණ” ඔස්සේ අද (13) උදෑසන විකාශය වු “දෙරණ අරුණ” වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.  

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය වුවහොත් සේවකයින්ගේ නිවැරදි තොරතුරු බුද්ධි අංශ වෙත ලබාදීම සඳහා ආයතන ප්‍රධානීන් අවධානය යොමුකළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති,

“බ්‍රැන්ඩික්ස් ආයතනයේ 1552ක් වු සේවක සේවීකාවන් සොයා ගන්න හරි අපහසුවුණා බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශවලට. ඒ නිසා අපි කාරුණිකව ඉල්ලීමක් කරනවා, සියලුම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන, කාර්යාල මොනවාහරි සේවක සංඛ්‍යාවක් ඉන්න ඕනෑම ආයතනයක දින 3ක කාලයක් ඇතුළතදී ඔබ ආයතනයේ සේවක සේවීකාවන්ගේ පුද්ගලික ලිපිගොනු යාවත්කාලීන කරන්න කියලා. මේක ගම්පහ දිස්ත්‍රික්කයට විතරක් නෙමේ ලංකාවේ හැම කෙනෙක්ගෙන්ම කරන ඉල්ලීමක්. යම් හදිසි අවස්ථාවක් ඇති වුණොත් යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන වුණොත් දුරකථන අංක අපට ලැබුණාම ඒ අය සම්බන්ධකර ගන්න පුළුවන්. කොහෙද ඉන්නේ කියලා, ගෙන්නගන්න පුළුවන් අපට සෞඛ්‍ය නිලධාරින් යවලා මේ ආකාරයට. බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල් සාමාජිකයෝ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එය සිදුකර ගැනීමට අසීරු වුණා. ඒ ආයතනයට බැදෙනකොට දුන්න තොරතුරු දුරකථන වෙනස් වෙලා ලිපිනය බොඩින් වෙනස් වෙලා. ඒ නිසා ආයතන ප්‍රධානීන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නේ දින 3ක් ඇතුළත සේවක තොරතුරු යාවත්කාලීන කරගන්න කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img