Monday, November 9, 2026
HomeNEWSසේවය නිමකළ ලක්මා

සේවය නිමකළ ලක්මා

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් අද (14) සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නේය.

ඒ ඉන්දියාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුවය.

35 හැවිරිදි ලක්මාල් අනතුරුව එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන ඩ(ර්)බිෂයර් කණ්ඩායම සමග එක්වීමට නියමිතය. 

එම ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු වූ මිකී ආතර් ය.

දෙබරවැව රේවත මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ලක්මාල් අනතුරුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් මෙරට පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වීය.

අනතුරුව ඔහු ජයකෙහෙළි නැංවූයේ කොළඹ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට එක්වෙමිනි.

ඔහු පළමුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක වූයේ 2009 වසරේ පාකිස්තාන ක්‍රිකට් සංචාරය සඳහාය.

නමුත් එම සංචාරය අතරතුරදී කණ්ඩායමේ බස් රථයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් තුවාල ලැබීය.

තරගාවලිය අතරමග නතර විය.

ඔහු සිය මංගල ටෙස්ට් තරගයට එක්වූයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ය.

පසුව ඔහු ශ්‍රී ලංකා වේගපන්දු බල ඇණියේ ප්‍රධානියා විය.

තරග කිහිපයකදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ට නායකත්වය සැපයීමටද ලක්මාල් සමත් විය. ඔහු සාර්ථක නායකයෙක් විය.

අද ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට ලක්මාල් ටෙස්ට් තරග 69කදී දවාගෙන තිබූ කඩුලු ගණන 170කි. එසේම එක්දින ජාත්‍යන්තර කඩුලු 109ක් සහ 20/20 ජාත්‍යන්තර කඩුලු 8ක් ඔහු ලබාගෙන තිබේ.

වසර 13ක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ශක්තියක් වූ සුරංග ලක්මාල් – ඔබට සුබ අනාගතයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img