Wednesday, November 11, 2026
HomeNEWSසොබාදහම ට එරෙහි නොවන කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි - ජනපති

සොබාදහම ට එරෙහි නොවන කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි – ජනපති

සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකර්ම විප්ලවයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

මිනිසුන් ස්වභාව ධර්මයට එරෙහිව ක්‍රියාකරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රිජන් නැවත සොයාගැනීම, දේශගුණික විපර්යාස, සෞඛ්‍ය, ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය,“ යන තේමාව යටතේ ශ්‍රී ලංකාව සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එරට වේලාවෙන් ඊයේ (31) පස්වරු 5.00ට පමණ එම සම්මන්ත්‍රණය පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

තම රජයේ ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය බව මෙහිදි අවධාරණය කළ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතික නිර්ණයන් සහ අභිලාශයන්ගෙන් ඒ බව මනාව පිළිඹිබු වන බව ද සඳහන් කළේය.

නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු ක්‍රම භාවිතයෙන් පරිසරය විනාශ නොකොට කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම අප හමුවේ පවතින අභියෝගයක් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

දශක ගණනාවක් පුරා නිධන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවිජනතාව අතර බරපතළ ගැටලුවක් වී පවතින අතර රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව ද ජනාධිපතිවරයා එහිදි පෙන්වාදුනි.

රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගනු ලැබුවේ එම සන්ධර්භය තුළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි පැහැදිලි කළේය.

මෙම ක්‍රියාව පුළුල් ඇගයීමට ලක්ව ඇතත් ඊට විවේචන සහ විරෝධතා එල්ල වී ඇති බව ද ජනාධිපතිවරයා එහිදි සඳහන් කළේය.

රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම්වලට අමතරව අස්වැන්න වැඩි කරගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිතා කිරීමට හුරු වී ඇති ගොවීන් මෙම විරෝධතා සඳහා පැමිණ ඇති අතර ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික උරුමය සලකා බැලීමේ දී මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img