වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයින් අද (15) දිනයේ සිට යළි සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට ලබාදිය හැකි සාධාරණ විසඳුම් මේ වන විටත් ලබා දීමට එකඟතාව පළකර ඇති බවය.
ඊයේ (14) රාත්‍රී “ටීවි දෙරණ” ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම අදහස් පළ කළේය.
ප්‍රශ්නය – කැබිනට් මණ්ඩලයේ දී මේ සෞඛ්‍ය අර්බුදය පිළිබඳව සාකච්ඡාවට බදුන් වුණා ද?
“විසඳුමක් කිව්වේ. අපි දැන් එකඟතාවයකට ඇවිත් තියෙනවා යම් යම් දේවල්වලට. එකඟතාවය ඉදිරිපත් කරනවා. ඒ අනුව මේක නතර කරනවා කියලා ප්‍රතිඥාවක් අපිට දීලා තියෙනවා. අපි බලාගෙන ඉන්නවා. දැන් තමා මේ ලියකියවිලි ටික ඉවර වුණේ. ඉතින් අපි විශ්වාස කරනවා ශීලාචාර මිනිසුන් හැටියට කටයුතු කරයි කියලා.”
ප්‍රශ්නය – අපි වගකීමෙන් කියන්න ද රටේ මිනිස්සුන්ට හෙට බය නැතුව බෙහෙත් ටික ගන්න යන්න කියලා.
“මම විශ්වාස කරනවා. අතිශෝක්තියෙන් දාන්න එපා. සාමාන්‍යයෙන් මගේ විශ්වාසය තමයි මේ කරුණු එක්ක ඒ අයගේ තිබුණ එකඟතාවය එක්ක මගේ දැඩි විශ්වාසයක් තියෙනවා මේ වෙනකොටත් ඒ අය සාකච්ඡා කරලා වැඩ වර්ජනය නතර වෙනවා කියලා මගේ විශ්වාසය.”
තම ඉල්ලීම්වලට වාචිකව ලබාදුන් විසඳුම් ලිඛිතව ලැබීමෙන් අනතුරුව අද පෙරවරුවේ වෘත්තීය සමිති සම්මේලනයේ විධායක සභාව රැස් වී ක්‍රියාත්මක වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.






















