Wednesday, November 11, 2026
HomeNEWSසෞඛ්‍ය වර්ජනය අවසන්

සෞඛ්‍ය වර්ජනය අවසන්

හෙද, පරිපූරක , අතුරු වෛද්‍ය සේවාවවලට අයත් වෘත්තිය සමිති 16ක් එක්ව දීපව්‍යාප්තව ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනය අද (10) උදෑසන 07.00න් අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර 16ක වෘත්තීකයින් ඊයේ (09) පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කළේය.

ඒ වැටුප් විෂමතා ඉවත් කිරීම, වෘත්තීමය උපාධියට හිමි තනතුරුවල පිහිටුවීම, සෞඛ්‍ය පරිපාලන සේවයක් පිහිටුවීම සහ මාණ්ඩලික සේවා චක්‍රලේඛය නිකුත් කිරීම ඇතුළු කරුණු 6ක් මුල්කරගනිමිනි.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවැසුවේ හෙද, වෛද්‍ය රසායනාගාර, ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් ඇතුළු වෘත්තීයවේදින් 50,000ක් පමණ එම වර්ජනයට එක්වූ බවය.

මාතෘ හා ළමා රෝහල්, පිළිකා රෝහල් සහ කොවිඩ් රෝහල් ඇතුළු විශේෂිත රෝහල් කිහිපයක හැර අනෙකුත් සියලුම රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් රෝහල්වල නේවාසික හා බාහිර රෝගී ප්‍රතිකාර සේවාවලට එල්ලවූයේ දැඩි බලපෑමකි.

එම වෘත්තීව ක්‍රියාමාර්ගයට සමගාමීව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඊයේ දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරියේ විරෝධතාවයේ නිරත වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img