Tuesday, September 15, 2026
HomeNEWSහදිසියේම ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක්

හදිසියේම ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (26) පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 04.00 ට එම හමුව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

මේ සඳහා සහභාගී වන ලෙස කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයාට මෙන්ම මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන්ට, දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වන දින කැඳවන ලද පක්ෂ නායක හමුවේදී සාකච්ඡා වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ එකඟතාවක් ඇති කර ගැනීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා...

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img