Saturday, November 14, 2026
HomeNEWSLatest Newsහඳුන්කූරු ‘බටය’ නිපදවන විශේෂිත උණ ශාකය වගා කරන කර්මාන්ත ඇමතිගේ යෝජනාවට අමාත්‍ය...

හඳුන්කූරු ‘බටය’ නිපදවන විශේෂිත උණ ශාකය වගා කරන කර්මාන්ත ඇමතිගේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය.

හඳුන්කූරු ‘බටය’ නිපදවන විශේෂිත උණ ශාකය වගා කරන කර්මාන්ත ඇමතිගේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
හඳුන්කූරු නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රවර්ධනය පිණිස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල සංදේශයට ඊයේ (12) අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි. 
ශ්‍රී ලංකාවේ හඳුන්කූරු නිෂ්පාදකයන් සමඟ පැවැති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව ඔවුන් මුහුණ දී ඇති ගැටලු හඳුනාගනිමින් ඒවාට කඩිනම් විසඳුම් ලබා දීම පිණිස අමාත්‍යවරයා ඉහත අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබිණි. 
එහි දී හඳුනාගත් ප්‍රමුඛතම ගැටලුව වන හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගන්නා විශේෂිත උණ බට කූරු සපයා ගැනීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව විසඳා ගනිමින් එම කර්මාන්තයේ ප්‍රවර්ධනය පිණිස වන යෝජනා එම කැබිනට් මණ්ඩල සංදේශයේ ඇතුළත්ව තිබේ. 
දේශීයව නිෂ්පාදනය කරන තෙක් හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගන්නා විශේෂිත උණ බට කූරු නියමිත ප්‍රමිතියෙන් යුතුව අවශ්‍ය ප්‍රමාණය විදේශ රටවලින් ආනයනය කිරීමට සහ එලෙස ආනයනය කරනු ලබන උණ බට කූරු සඳහා බදු සහනයක් ලබා දීමට එමඟින් යෝජනා කර ඇත. 
එසේම මෙම උණ බට කූරු නිෂ්පාදනයට යොදා ගන්නා විශේෂිත උණ ශාකය (ගල් බම්බු Bambusa aspera) පවතින ප්‍රදේශ හඳුනාගැනීම හා එම ශාකය වගා කළ හැකි ඉඩම් හඳුනාගෙන වගා කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, සහ මහවැලි අධිකාරිය විසින් අවශ්‍ය පියවර ගැනීමට ද හඳුන්කූරු නිෂ්පාදනය සඳහා වැඩිදියුණු කළ තාක්ෂණික උපාංග හඳුන්වා දීම පිණිස ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ දායකත්වය ලබා ගැනීමට ද මේ අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල්

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල් ප්‍රදානය කෙරේ. අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම්වලින් වී වගාවන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img