Wednesday, November 11, 2026
HomeNEWSහම්බන්තොට බස් එකලස් කිරීමේ කර්මාන්තශාලාවට චීනයේ දී අවබෝධතා ගිවිසුමක්

හම්බන්තොට බස් එකලස් කිරීමේ කර්මාන්තශාලාවට චීනයේ දී අවබෝධතා ගිවිසුමක්

හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් ගෘෘප් (Hambantota International Port Group – HIPG) සහ Xiamen King Long United Automotive Industry සමාගම අතර අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තබන ලදී. මෙය ශ්‍රී ලංකාවේ බස්රථ එකලස් කිරීමේ කම්හලක් ස්ථාපිත කිරීම සඳහා මඟ පාදන මූලික ගිවිසුමකි.

චීනයේ ෆුජියාන් හිදී අත්සන් තබන ලද මෙම අවබෝධතා ගිවිසුම, චීනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය පාලිත කොහොන හා Port Investment Services හි සාමාන්‍යාධිකාරී Justin Zhang ගේ මෙහෙයවීම මත ෆුජියාන් හි දියත් කෙරුණු ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනෙහි සෘජු ප්‍රතිඵලයක් බව හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් ගෘෘප් සඳහන් කරයි.

“HIPG කාර්මික උද්‍යානයේ කලාපීය එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් පිළිබඳව ඇති හැකියාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට අපට මෙම අනගි අවස්ථාව පූර්ණ ලෙස ප්‍රයෝජනයට ගත හැකිය. හම්බන්තොට වරාය මූලෝපායිකව පිහිටා ඇති හෙයින් අග්නිදිග ආසියාවේ නව වෙළෙඳපොළ වෙත යාමට අපට හැකියාව ලැබෙනවා“ යැයි මෙහිදී අදහස් දක්වමින් King Long Motor Group හි උප සභාපති Zhang Bin කියා සිටියේය.

1988 දී ඇරඹුණු Xiamen King Long United Automotive Industry සමාගම විශාල ප්‍රමාණයේ හා මධ්‍යම ප්‍රමාණයේ බස්, coaches හා වෑන් නිෂ්පාදනය කරනු ලබයි. King Long නිෂ්පාදිත ලොව පුරා රටවල් 140 කට අපනයනය කෙරෙන අතර එය චීනයේ විශාලතම බස් නිෂ්පාදකයින් 10 දෙනා අතර සිටින සමාගමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img