හමුදා මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගත් සිව්දෙනා
නීතිවිරෝධි ලෙස කහ සහ කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් මන්නාරම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මාර්ග බාධක යොදා සිදුකළ පරීක්ෂාවලදී මෙම කහ සහ කේරළ ගංජා සොයාගෙන ඇති බව යුද හමුදාව සඳහන් කළේ ය.
මැදවච්චිය මන්නාරම මාර්ගයේ 543 වන බලසේනාවේ මාර්ග බාධාකයේ දී කුඩා ලොරි රථයක් පරීක්ෂා කිරිමේදී කහ කිලෝග්‍රෑම් 205 සොයාගෙන තිබේ.
එම කහවල වටිනාකම රුපියල් ලක්ෂ 08කට අධික වන අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව යුද හමුදාව සඳහන් කළේ ය.
මේ අතර කුච්චිකුලම් මාර්ග බාධකයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 104ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
























