Saturday, November 14, 2026
HomeNEWSහිටපු STF ප්‍රධානියා ගේ චෝදනාව

හිටපු STF ප්‍රධානියා ගේ චෝදනාව

පාස්කු ප්‍රහාරයට පෙර විදෙස් බුද්ධි අංශ කළ පූර්ව දැනුවත්කිරීම පිළිබඳව එවක පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා තමන්ව විධිමත් ලෙස දැනුවත් නොකළ බවත්, එසේ දැනුවත් කළේ නම් ප්‍රහාරය ව්‍යාර්ථ කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායට පැහැදිලි හැකියාවක් තිබූ බවත් එහි හිටපු අණදෙන නිලධාරි එම්.ආර් ලතීෆ් මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (26) සාක්ෂි දෙමින් ඔහු මේ බව පැවසීය.‍

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවේ ප්‍රහාරයක් පිළිබඳ ඉකුත් වසරේ අප්‍රේල් 4 දින විදෙස් බුද්ධි අංශයක් ලබාදුන් මුල් පුර්ව දැනුවත් කිරීමේ තොරතුර පිළිබඳ ඔහු දැනසිටියේද යන්නය.

එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන්ට යොමුකර තිබු අදාළ තොරතුර ඉකුත් වසරේ අප්‍රේල් මස 09 දින පස්වරු 6.45 ට පොලිස් විශේෂ් කාර්ය බලකා මුලස්ථානයට ලැබී තිබු නමුත් තමා ඒ වන විට විදෙස්ගතව සිටි බවය.

අප්‍රේල් මස 10 වන දින තමන් යළි දිවයිනට පැමිණිමෙන් පසු කාර්යාලයට යාමට ප්‍රථම එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අමතා සර්, විශේෂ යමක් තියෙනවාදැයි විමසු නමුත් එහෙම විශේෂ දෙයක් නැහැ යැයි පොලිස්පතිවරයා පිළිතුරු ලබාදුන්නේ යැයි ලතීෆ් මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img