Friday, September 11, 2026
HomeNEWSළමුන් අතර ඉන්ෆ්ලුවන්සා සහ වෛරස් රෝග ව්‍යාප්තියක්

ළමුන් අතර ඉන්ෆ්ලුවන්සා සහ වෛරස් රෝග ව්‍යාප්තියක්

මේ දිනවල ළමුන් අතර බහුලව ඉන්ෆ්ලුවන්සා සහ ඊට සමාන වෛරස් රෝගී තත්ත්වයක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අඛණ්ඩව දින තුනක් හෝ හතරක් උණ පවතින්නේනම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවය.

බොහෝ කුඩා ළමුන් අතර මෙම රෝගය පැතිර යාමේ අවධානමක් ද පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

“මේ දිනවල ළමුන් අතර වෛරස් උණක් පැතිරුණා. මේකේ රෝග ලක්ෂණ විදියට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය සහ ඇස්වලින් කබ ගැලීම සහ සමහර අයට බඩඑළිය යෑම වගේ රෝග ලක්ෂණ තමා අපි දැක්කේ. සමහර අයට ඉන්ෆ්ලුවන්සා රෝගය පොසිටිව් වුණා. සමහර අයට පොසිටිව් වුණේ නෑ. හැබැයි ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ තිබුණා. පසුකාලීනව දිගටම පවතින කැස්සක් ළමයි අතර පවතිනවා. ඒ නිසා මේ දවස්වල උණ තියෙනවා නම් කැස්ස, හෙම්බිරිසාව සමඟ ඉන්ෆ්ලුවන්සා වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඇස්වලින් කබ ගලනවා වෛරස් උණක් වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ තියෙනවා නම් පාසල්වලට, මොන්ටිසෝරිවලට හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට යවන්න එපා.”

ඒ පිළිබදව වැඩිදුරටත් පැහැදිලි කරන ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,

“කැස්ස කාලයක් තියෙනවා නම් ළමා හතියේ වැඩිවීමක් ද ? වෛරස් එකය පසුකාලීනව ඇති වුණ කැස්සක් ද කියලා හොයලා බලන්න. ඊට අමතරව කාලයක් කැස්ස තියෙනවා නම්, එවැනි කැස්ස තියෙන වැඩිහිටියෝ ඉන්නවා නම් ක්ෂය රෝගය ගැන කල්පනාකාරී වෙන්න. විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ දවස්වල දින තුනකට වඩා උණ තියෙනවා නම් ඉන්ෆ්ලුවන්සා හෝ ඊට සමාන වෛරස් උණක් එන්න පුළුවන්. එයට අප කළ යුත්තේ පැරසිටිමෝල් මාත්‍රාව අරගන්න. විවේකය ලබාදෙන්න. ගෙදරට වෙලා ඉන්න. දියර වර්ග ලබාදෙන්න. දින තුනකට වඩා උණ තියෙනවා නම් ඩෙංගු රෝගී පරීක්ෂාව සිදුකරන්න. හුස්ම ගැනීමට අපහසු නම් රෝහල්ගත වෙන්න. මාස්ක් පාවිච්චි කරන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img