Saturday, November 14, 2026
HomeNEWS♦️ජල ගාස්තුව ඉහළ නැංවීමට එරෙහිව විපක්ෂ නායකගෙන් රජයට චෝදනා.

♦️ජල ගාස්තුව ඉහළ නැංවීමට එරෙහිව විපක්ෂ නායකගෙන් රජයට චෝදනා.

♦️
ජල ගාස්තුව ඉහළ නැංවීමට එරෙහිව විපක්ෂ නායකගෙන් රජයට චෝදනා.

අමාරුවේ වැටුණ රට ගොඩගන්නවා කියන රටේ ජල ගාස්තුව පවා වැඩි කර ඇති බවත් මේ රටේ ජනතාව යම් කිසි ප්‍රේඩාවකින් රවටා මෙසේ ජල බිල සියයට 50කින් වැඩි කිරීම ජන පීඩක අත්තනෝමතික ක්‍රියාවක් ලෙසත් මෙසේ ජනතාවගේ කරපිට බර පටවා රට ගොඩ ගත හැක්කේ කෙසේද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හෙට අනිද්දා දින ගෑස් මිලත් වැඩි වූ පසු ජනතාව කබලෙන් ලිපට වැටෙන බවත් රජයට ජනතාව ගැන කිසිදු හැගීමක් නොමැති බවත් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා රජය උල්ලංඝනය කර ඇති බවත් මෙය ජනතා විරෝධී ජන ඝාතක ආණ්ඩුවක් ද කියා සැකයක් මතුවන බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙසේ වැඩිකල ජල බිල අඩුකළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

♦️
ජන පීඩක රජය මිහින්තලා පුදබිමේ විදුලියත් කප්පාදු කරලා. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ඓතිහාසික මිහින්තලා පුදබිමේ අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු වූ බවත් බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩක් වැනි මිහින්තලා පුදබිමට රජය සිදු කළ මේ නින්දිත දුර්දාන්ත ක්‍රියාව තරයේ හෙළා දකින බවත් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති මොහොතක එම උත්තරීතර නීතිය පවා උල්ලංඝනය කරමින් රජය සිදු කළ මෙම පහත ක්‍රියාව තරයේ හෙලා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයත් සමගි බෞද්ධ උපදේශන කමිටුවත් එකට එකතු වී මේ පිරිවැය ගරු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද උපදෙස් මත දැරීමට තීරණය කළ බවත් රජය විසින් සිදු කළ මේ ක්‍රියාව පරාජය කළ යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපති අරමුදලින් හෝ බුද්ධසාසන අරමුදලින් මේ මුදල් පියවීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියේය.

අන්ත සමාජවාදයෙන්වත් අන්ත කොමියුනිස්ට්වාදයෙන්වත් රටක් ගොඩ ගන්න බැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මෙරට ගොඩගන්න නම් ව්‍යවසායකත්වට මුල්තැන දිය යුතු බවත් වෙළෙඳපොළ බලවේග හරහා නිර්මාණය වන ප්‍රාග්ධන සම්පත අවහිරයකින් බාධාවකින් තොරව නිදහස් වෙළෙඳපොළ ආර්ථික බලවේග තුළ නිර්මාණය විය යුතු බවත් ඒ සදහා මානුෂීය ධනවාදී ප්‍රතිපත්තිය හෙවත් මැද මාවත හරහා ඉඩකඩ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මානුෂීය ධනවාදය තුළ වෙළෙඳපොළ බලවේග සදහා ධන උත්පාදනයට අවස්ථාව ලබා දෙනවා සේම මෙහි දී ඇති වන විෂමතා බෙදීම් මගහරවා ගෙන දුකට පත් අයත් ශක්තිමත් කර වැඩ කරන ජනතාවට සාධාරණ නීති රාමුවක් තුළ සේවය කළ හැකි සේවක සුරක්ෂිතභාවය මෙන් ම තමන්ගේ මහන්සියට නිසි වේතනයක් ලැබිය යුතු බවත් ඒ සදහා කැපවිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

නිදහස් වෙළෙඳපොළ බලවේගවලට පමණක් මෙරට කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ වගකීම ලබා දිය නොහැකි බවත් මෙකී මැදමාවත තුළ නිදහස් පෞද්ගලික ව්‍යවසායකත්වයට උපරිම තැන ලබා දී ප්‍රග්ධන උත්පාදනය කළ හැකි බවත් පැවසීය. ආණ්ඩුවලට තනිවම ව්‍යාපාර කළ නොහැකි බැවින් ඒ සඳහා පෞද්ගලික ව්‍යවසාය යොදා ගත හැකි බවත් එසේ උත්පාදනය කරන ධනය සැමට සාධාරණව සමානව බෙදිය හැකි ලෙස භාවිත කළ යුතු බවත් එය සමගි ජන බලවේගයේ එකම අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අන්ත සමාජවාදය තුළවත් අන්ත කොමියුනිස්ට් වාදය තුළවත් රටක් සෞභාග්‍ය කරා ගෙන යා නොහැකි බවත් එය මිත්‍යාවක් බවත් පෞද්ගලික ව්‍යවසායකත්වය සහ මානුෂීය ධනවාදය රටක ධන උත්පාදනයට අත්‍යාවශ්‍ය බවත් එසේ නිපදවන ධනය ඇති හැකි අයට මෙන්ම නැති බැරි අයටත් සමසේ බෙදිය හැකි මානුෂීය ධනවාදී ක්‍රමය වඩාත් සාර්ථක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (3) විපක්ෂ නායක කාර්යාලයේ දී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමගි සේවක සංගමයේ අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි. දේශපාලන පක්ෂයකට අයත් වෘත්තීය සමිතියක සමාජ සුබසාධන වැඩසටහනක් ප්‍රථම වතාවට ක්‍රියාත්මක වීමක් ලෙස මෙය හැදින්විය හැකි යි.

මෙරට සමහර කම්කරුවා රකින නීති රීති සහමුලින්ම විනාශ කරන යුගයක් උදා වි ඇති මේ මොහොතේ කම්කරුවාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් එහි එක් වැඩසටහනක් ලෙස වැඩ කරන ජනතාවගේ සුබසාධනය උදෙසා මෙම ඓතිහාසික වැඩපිලිවෙළ ආරම්භ කරන බවත් මේ තුළින් මෙරට වැඩ කරන ජනතාව වෙනුවෙන් කට වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද කටයුතු කරන්නේ සමගි ජන බලවේගය බව ඔප්පු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

NEWS CLIP ♦️ https://youtu.be/v1qgKFsbxaY

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විජේවීර සහෝදරයට සම්පූර්ණයෙන්ම පිටුපාලා ජවිපෙ අද ආණ්ඩු කරනවා- දුමින්ද නාගමුව

" දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදය " මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37වන ඉල්මහා විරු සමරුව ඊයේ දින ( 2026. 11. 13...

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි; මාස දෙකකට පසු ගල්ෆ් රාජ්‍යයක විදෙස් හමුදා මධ්‍යස්ථානයකට ඉරානය එල්ල කළ පළමු ප්‍රහාරය බව ද විදෙස්...

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img