Monday, November 9, 2026
HomeNEWS ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සදහා...

 ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සදහා ලබා දීමට විදෙස් ආයෝජකයන්-ඇමති ප්‍රසන්න රණතුංග.

 ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සදහා ලබා දීමට විදෙස් ආයෝජකයන් සමඟ සාකච්ඡා ඇරඹේ…
 කොළඹ ගෆූර් ගොඩනැගිල්ල සහ කොළඹ “එයිටි ක්ලබ්” ගොඩනැගිල්ල වැනි ස්ථාන කිහිපයක් ඒ සදහා හඳුනා ගැනේ…
 ගොඩනැඟිලිවල ඓතිහාසික පෞරාණිකත්වයට හානි නොවන අයුරින් නවීකරණය කිරීමටත් උපදෙස්…
ඇමති ප්‍රසන්න රණතුංග

ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සදහා ලබා දීමට සැලසුම් කෙරේ. ඒ සම්බන්ධයෙන් විදේශ ආයෝජකයින් සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සල් Nino Makhviladze මහත්මිය ඇතුළු ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. මෙම සාකච්ඡාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේදී අද (5) දින පැවැත්විණි.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන මෙරට පෞරාණික ගොඩනැගිලි සුදුසු පරිදි ආයෝජන අවස්ථා සදහා යොදා ගැනීම සම්බන්ධයෙන් සහ ජෝර්ජියානු ආයෝජකයින් වෙත එම ආයෝජන අවස්ථා ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණ.

කොළඹ ගෆූර් ගොඩනැගිල්ල සහ කොළඹ “එයිටි ක්ලබ්” ගොඩනැගිල්ල වැනි ස්ථාන කිහිපයක් මේ සදහා හඳුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම ගොඩනැඟිලිවල ඓතිහාසික පෞරාණිකත්වයට හානි නොවන අයුරින් ඒවා නවීකරණය කරන බවයි. මෙරට බොහෝමයක් පෞරාණික ගොඩනැඟිලි නිසි නඩත්තුවක් නොමැති බැවින් විනාශ මුඛයට යමින් තිබේ. ඒවා නවීකරණය කර සුදුසුලෙස ආයෝජන සඳහා යොදා ගැනීමෙන් මෙරටට ආදායම් උපයා ගත හැකි බවද අමාත්‍යවරයා කීය.

පසුගිය සමයේදී මෙරට මුහුණදී තිබු ආර්ථික අර්බුධ කෙමෙන් විසඳෙමින් පවතී. එබැවින් ඉදිරියේදී මෙරට ආයෝජන අවස්ථා පුළුල් කිරීමට විදේශීය ආයෝජකයින්ගේ සහයෝගය හිමි වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසට පළ කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේ කඩිනමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි. එමෙන්ම මෙම වැඩසටහන සදහා යොදා ගත හැකි තවත් ස්ථාන පිළබදව සොයා බලා ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකසන ලෙසද ඇමතිවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
එහිදී නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කළේ රට පුරා පවතින මෙවැනි ස්ථාන පිළිබදව මේ වන විට තොරතුරු ලබා ගනිමින් පවතින බවත්, එම ස්ථානද ඉදිරියේදී මෙම වැඩසටහන සදහා යොදා ගත හැකි බවත්ය.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දේපළ) ඊ.ඒ.සි. ප්‍රියශාන්ත යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

ප්‍රදීප් අනුර කුමාර
(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)
077 9633516

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img