Monday, November 9, 2026
HomeNEWS තම කථිකයන්ට කතා කිරීමට අවස්ථාව නොදුන් බවට වැරදි මතයක් ගොඩ නැඟීමට...

 තම කථිකයන්ට කතා කිරීමට අවස්ථාව නොදුන් බවට වැරදි මතයක් ගොඩ නැඟීමට විපක්ෂය උත්සාහ ගන්නවා…ප්‍රසන්න රණතුංග.

 පසුගිය සෙනසුරාදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී කතානායකතුමා කටයුතු කළේ නීතියට අනුවයි…

 ඒ සඳහා සභාවේ අනුමැතිය හිමිවූණා…

 තම කථිකයන්ට කතා කිරීමට අවස්ථාව නොදුන් බවට වැරදි මතයක් ගොඩ නැඟීමට විපක්ෂය උත්සාහ ගන්නවා…

පසුගිය සෙනසුරාදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී කතානායකතුමා නීතියට අනුව කටයුතු කර ඇති බවත්, ඒ සඳහා සභාවේ අනුමැතිය හිමිවූ බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ සෙනසුරාදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී තම කථිකයන්ට කතා කිරීමට අවස්ථාව නොදුන් බවට වැරදි මතයක් ගොඩ නැඟීමට විපක්ෂය උත්සාහ ගන්නා බවයි.

එම වැරදි මතවාදය ගොඩ නැඟීමට විපක්ෂයට අවස්ථාව ලබා නොදෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අද (5) නැඟූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසීය.‍

එහිදී මෙවන් සංවාදයක් ඇතිවිය.

සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත (ශ්‍රී.පො.පෙ)- ගරු කතානායකතුමනි, මේ ගරු මන්ත්‍රීවරුන්ට ඕන තරම් කාලය ගන්න පුළුවන්. පොයින්ට් ඔෆ් ඕඩර්ස් මතු කරන්නත් පුළුවන්. නමුත් දැන් මේ පොයින්ට් ඔෆ් ඕඩර්ස් මතුවෙන්නේ න්‍යාය පත්‍රයට අදාළ කාරණයකදි නෙවෙයි. ඒ නිසා න්‍යාය පත්‍රානුකූලව එතුමන්ලට අවස්ථාව දෙන්න කියල මම ඉල්ලීමක් කරනවා. නැත්නම් සභාවේ කටයුතු හරියට කරගෙන යන්න බැරි වෙනවා. පක්ෂ නායක රැස්වීමේදී ගන්න තීන්දුව ඒකයි. සමහර මන්ත්‍රීවරු පක්ෂ නායක රැස්වීමේ ගන්න තීන්දු ගැන දැනුවත් වෙලා නැහැ.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි (ස.ජ.බ) – රැස්වීම් කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අට තුළ තිබෙනවා. සවස 5.30 වෙනකොට කිසිවක් නොවිමසා සභාව කල්තැබිය යුතු බව ඔබතුමා කිව්වා. අපි ඒක පිළිගන්නවා. ඒක තමයි නීතිය. නමුත් ඔබතුමා කළේ මොකද්ද? සභානායකතුමා හෝ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා හෝ සභාවේ කාලය දික්කිරීම පිළිබවඳව ඉල්ලුවේ නැහැ.

කතානායන මහින්ද යාපා අබේවර්ධන – නෑ.. කල් ඉල්ලුවා.

                 (සභාවේ දිගටම කෑකෝ ගැසීම්)

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි (ස.ජ.බ) – ඔබතුමා කළේ ආණ්ඩුව විසින් කළ යුතු දෙයක්. ඒක වැරදියි. ඔබතුමා මුලසුනේ ඉඳගෙන ආණ්ඩුව නියෝජනය කරනවා. ඒක වැරදියි. ඇයි එහෙම කරන්නේ.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් (ස.ජ.බ) – ගරු කතානායකතුමනි, සාමාන්‍යයෙන් අනිත් දවස්වලට වේලාසනින් පාර්ලිමේන්තුව ඉවර කරන්න අවශ්‍ය වුණාම කතිකයන්ගෙ වෙලාව අඩු වෙනවා. හැමදාම අපෙත් අඩු කරල තිබෙනවා. එදා පාර්ලිමේන්තු වෙලාව දික්වෙන බව දැනුන නිසා අපි මහලේකම්තුමියගෙන් ඇහුව්වම එතුමිය කිව්වා නවය වෙනකම් විවාදය පැවත්වෙනව කියලා. අපි වෙලාව අඩුකර ගත්තෙ නැත්තෙ ඒ නිසයි. එහෙම තියෙද්දි එකපාරටම රෑ 7.30ට ඉවර කළේ ඇයි? අපි හිටියේ ඒ නිසයි. නැත්නම් අපි වෙලාව අඩුකර ගන්නවනේ.
කතානායන මහින්ද යාපා අබේවර්ධන – එකපාරටම නෙවෙයි. න්‍යාය පත්‍රයේ තියෙනවා. 7.30ට අවසන් කරනව කියලා.

        (සභාවේ දිගටම කෑකෝ ගැසීම්)

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – ගරු කතානායකතුමනි, මට මේකට වෙලාව ලබාදෙන්න. විපක්ෂය උත්සාහ ගන්නේ සෙනසුරාදා තිබුණු පාර්ලිමේන්තු විවාදය අපි 7.30ට අවසන් කරල ඒ අයට කතා කරන්න අවස්ථාව දුන්නෙ නැහැ කියල පෙන්වන්න. පක්ෂනායක රැස්වීමේදී අපි තීන්දුවක් ගත්තා රාත්‍රී 7.30ට ඡන්දය ගන්නවා කියලා. ඒක ඔබතුමා වගේම අපි සියළුම දෙනාත් දන්නවා. යම් හෙයකින් ඡන්දය ගන්නෙ නැත්නම් ඕන තරම් වෙලා කතාකරන්න ඉඩ දෙන බවත් අපි තීරණය කළා. න්‍යාය පත්‍රයේ ඉතාම පැහැදිලිව ඒ බව සඳහන්වෙලා තිබෙනවා. ගරු කතානායකතුමනි, විවාදයේදී අපේ පැත්තේ කථිකයන් හය දෙනෙකුටත් කතා කරන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. ඔබතුමා නීතිය අනුව කටයුතු කළා. ඒ සඳහා සභාවේ අනුමැතිය ලැබු‍ණා. මේ සම්බන්ධයෙන් වැරදි මතවාදයක් ගොඩනඟන්න දෙන්න එපා.

ප්‍රදීප් අනුර කුමාර
(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)
0779633516

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img