Thursday, April 16, 2026
HomeNEWSLatest News19 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා සභාවේ බලය කථානායකගෙන් ජනාධිපතිගේ අතට දීමයි. -...

19 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා සභාවේ බලය කථානායකගෙන් ජනාධිපතිගේ අතට දීමයි. – හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

19 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා සභාවේ බලය කථානායකගෙන් ජනාධිපතිගේ අතට දීමයි. සරත් වීරසේකරට පළාත් සභා දීලා, මහින්දානන්ද ව්‍යවස්ථා සභාවට දාලා හදන විමානේ ප්‍රජතන්ත්‍රවාදයේ දෙවියන්ට නම් වෙන්න බෑ.

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති අතේ තිබුණු ඒකාධිපති බලය, ව්‍යවස්ථා සභාව හරහා පාර්ලිමේන්තුවට ලැබීනා. රජයේ තොරතුරු දැනගැනීම සඳහා ජනතාවට අවස්ථාව සැලසුණා. 19 අහෝසි කරනවා කියන්නේ, නැවත ඒකාධිපති විධායකයක් බිහිවීමයි, තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය අහෝසිවීම යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

රටේ ඉහළම තනතුරු සඳහා පත් කරන්න පාර්ලිමේන්තුවේ අගමැති, විපක්ෂ නායක, කථානායක, පක්ෂ නියෝජිතයින් විතරක් නෙවෙයි පුරවැසියන්ගෙන් ද සමන්විත ව්‍යවස්ථා සභාවකින්. පෙරේතයාගේ හැටියට තමයි විමානේ හැදෙන්නේ, කියනවා වගේ ජනාධිපතිතුමා මහින්දානන්ද අළුත්ගමගේ ව්‍යවස්ථා සභාවට පත්කරලා තියෙනවා. පලාත් සභා අහෝසි කරන්නට ගැටපොළු විදපු සරත් වීරසේකර පළාත් සභා ඇමති විදිහට පත් කරලා, පෙරේත විමානෙට මුල්ගල් තිබ්බා. දැන් ගේ හැදෙන හැටි බලාගන්න පුළුවන් යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය. සරත් වීරසේකරට පළාත් සභා දීලා, මහින්දාන්නද ඇමතිතුමා ව්‍යවස්ථා සභාවට දාලා ප්‍රජාතන්ත්‍රවාදයේ, බලය බෙදීමේ දේව විමානේ හදන්නේ නැති බව අප තේරුම් ගත යුතුයි.

19 ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙන්නේ ද්විත්ව පුරවැසිකමේ ප්‍රශ්න විසඳා ගැනීමයි, පාර්ලිමේන්තුවට තියෙන බලය ජනාධිපති අතට ගැනීමයි විතරයි. 19 අහෝසි වෙනවා කියන්නේ තොරතුරු දැනගැනීමේ පනතේ බලපෑම සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා කියන එක. ඒක, ජනමාධ්‍යයට, පුරවැසියන්ට විතරක් නොවෙයි රටට රාජ්‍යකරණයේ විනිවිද භාවයට සෘජුවම බලපානවා.

තොරතුරු පනත ගැන උදම් අනපු, වැඩමුළු තිබ්බ අය පවා, තොරතුරු පනතින් තොරතුරු ගත් අය පවා මේ ගැන කථා කරන්නේ නෑ. රටක රාජ්‍ය යේ කටයුතු ජනතාවගෙන් වසන් කරනවා කියන්නේ දුෂණයට මග පෑදීමේ ආරම්භය යි.
තෙන්නකෝන් මහතා මේ බව පැවසූවේ කොළඹ පැවති වැඩමුළුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...

හෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img