Friday, April 24, 2026
HomeNEWSLatest News20ට ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නැයි සමගි ජනබලවේගයේ මහලේකම්ට ලිපියක්

20ට ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නැයි සමගි ජනබලවේගයේ මහලේකම්ට ලිපියක්

20ට ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නැයි සමගි ජනබලවේගයේ මහලේකම්ට ලිපියක්

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් පක්ෂයේ මහලේකම්වරයා වෙත ඉදිරිපත්කර තිබේ.

මන්ත්‍රීවරුන් 28 දෙනෙකුගේ අත්සන්වලින් යුතුව අදාළ ලිපිය පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත යොමුකර තිබේ.

20වන සංශෝධනයට විරුද්ධව කටයුතු කිරීමටගත් තීරණයට එරෙහිව කටයුතු කළ සියලු පාර්ශ්වයන්ට සිය විරෝධය පළකරන බව ඔවුන් එම ලිපියමගින් පෙන්වා දී ඇත.

එමෙන්ම සමගි ජනබලවේගයේ හවුල්කාර පක්ෂ දෙකක සාමාජිකයින් වන රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන්ගත් තීන්දුවට ස්තූතිවන්ත වනඅතර ඊට සිය ගෞරවය පුදකරන බව ද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබේ.

එහෙත් සාමූහික තීන්දුවට එරෙහිව යමින් කටයුතුකළ එම පක්ෂ දෙකෙහි මන්ත්‍රීවරුන්ට එරෙහිව එම පක්ෂ ද නිසි ක්‍රියාමාර්ග ගතයුතු බව සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img