Thursday, September 3, 2026
HomeNEWSLatest News20ට ජනමත විචාරණයක් අවශ්‍යයි - රවුෆ් හකීම්

20ට ජනමත විචාරණයක් අවශ්‍යයි – රවුෆ් හකීම්

20ට ජනමත විචාරණයක් අවශ්‍යයි – රවුෆ් හකීම්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (02) දිනයේ සිදු කිරීමට නියමිතය.

අදාළ පෙත්සම් පිළිබඳ සලකා බැලීම දෙවන දිටත් ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වූ අතර පස්වරු 07.30 දක්වා එය පැවැත්විණි.

එහිදී යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොණුකර තිබු පෙත්සම් 32ක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කරුණු දක්වමින් කියා සිටියේ යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් කරුණුවලින් අධිකරණයේ ස්වාධිනත්වයට සහ මූලික අයිතිවාසිකම් කෙරෙහි අහිතකර බලපෑමක් සිදු කරන බවය.

ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව සතුවන බවත් එම බලය අධිකරණය හරහා ක්‍රියාත්මක විය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සඳහන් කර ඇති බව පෙන්වා දුන් මුස්තාෆා මහතා සඳහන් කළේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත හරහා ජනතාව සතු අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් ඉවත් කිරීමක් සිදු වන බවය.

එම නිසා අදාළ වගන්තිය සම්මත කිරීමට ජනමත විචාරණයක් සඳහා යොමු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ පැවසීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක නීතිඥ රවුෆ් හකීම් මහතා කරුණු දක්වමින් කියා සිටියේ තමා මෙම පනත් කෙටුම්පතට එරෙහිව පුද්ගලික පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙනී සිටින බවය.

නව ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අහෝසි වන හෙයින් විනිසුරුවරු ඇතුළු උසස් නිල තල සඳහා සිදු කරන පත් කිරිම්වල පාරදෘෂ්‍යභාවය පිළිබඳ බරපතළ ගැටලු මතුවන බව රවුෆ් හකීම් මහතා පෙන්වා දුන්නේය.

එම නිසා යෝජිත පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මතවිම ප්‍රමාණවත් නොවන බවත් අනිවාර්යෙන් ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු බවත් රවුෆ් හකිම් මහතා අවධාරනය කර තිබේ.

20 වන සංශෝධන පනත්කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොණුකර තිබෙන පෙත්සම් සඳහා මැදිහත්වී කරුණු දැක්විමට අවසර දෙන ලෙස ඉල්ලා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ලොකුගේ, මහාචාර්ය ජී.එල් පිරීස් යන අය විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප, එම් දයාරත්න, ඩබ්ලිව්.ඒ වීරතිලක, පී.ජී.බී අබේරත්න යන අය විසින් ද අතරමැදි පෙත්සම් ගොණුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img