20ට සහය දුන් පිරිස ගැන සමගි ජන බලවේගය තීරණයක් ගනී
20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රිවරුන් නෙරපා හැරීමට තීරණය කර තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ඊයේ (23) පස්වරුවේ පැවති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මීට අමතරව තවත් යෝජනා තුනක් ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ මහාලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙම ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය.






















