Thursday, April 16, 2026
HomeNEWSLatest News20 ගැන ඡන්ද විමසීම අද

20 ගැන ඡන්ද විමසීම අද

20 ගැන ඡන්ද විමසීම අද

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද (22) රාත්‍රී සිදුකිරීමට නියමිතව තිබේ.

ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වු විවාදය ඊයේ (21) පෙරවරුවේ ආරම්භ වූ අතර එය අද දිනයේත් පැවැත්වීමට නියමිතය.

අද පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර කාරක සභා අවස්ථාවෙන් පසු ඊට අදාළ ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇත.

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා විපක්ෂය ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.

ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීමේ දී විපක්ෂයේ පිරිසක් ද ආණ්ඩුවට සහය දැක්වීමට මේ වන විටත් කැමැත්ත පළකර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පාර්ලිමේන්තු විවාදය ඊයේ රාත්‍රී 7.30 දක්වා පැවැත්විය.

එහිදි විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර මෙසේ කතාබහක් ඇති විය.

අනතුරුව තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා සහ දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා අතර ද වචන හුවමාරුවක් සිදුවිය.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගතව සිටින වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද සහ හෙට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී කරවන ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිදුකළ නියෝගයකට අනුව වේත්‍රධාරීවරයා අදාළ ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අද දිනයේ පාර්ලිමේන්තුව වෙත රැගෙන යාම සිදුකරන්නේ ද යන්න පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමසීමේ දී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම්දීමක් සිදුකර නොමැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img