Wednesday, October 28, 2026
HomeNEWSLatest News2015 දී කුමන්ත්‍රණයකින් මහින්ද පරාජය කළ සේම 2025 දි ගෝඨාභයට...

2015 දී කුමන්ත්‍රණයකින් මහින්ද පරාජය කළ සේම 2025 දි ගෝඨාභයට පරාජය කිරීමට ද යහපාලනය සමග සිටි ඇතැමුන්ගේ සුදානමක් තිබෙනවා.

2015 දී කුමන්ත්‍රණයකින්  මහින්ද පරාජය  කළ සේම 2025 දි ගෝඨාභයට පරාජය කිරීමට  ද යහපාලනය සමග සිටි  ඇතැමුන්ගේ සුදානමක් තිබෙනවා.

2015 දී කුමන්ත්‍රණයකින්  මහින්ද පරාජය  කළසේම 2025 දි ගෝඨාභයට පරාජය කිරීමට  ද යහපාලනය සමග සිටි  ඇතැමුන්ගේ සුදානමක් ඇති බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අනතුරු අගවයි. මහින්ද හැර නොයන පිරිසක් පාර්ලිමේන්තු එවීමෙන් පමණක් මෙම අවධානමෙන් ගැලවිය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

රට දිනවන කණ්ඩායම හා රටට විකුණන කණ්ඩායම අතර පවතින තරගයෙන් අගෝස්තු 05 වෙනිදාට රට දිනවන ගෝඨාභය රාජපක්ෂ මහතගේ කණ්ඩායම ජයග්‍රහණය කරන බව ඉරහද සේ විශ්වාස යැයි ද ඇමතිවරයා කියා සිටී. 

අද (02) කැළණිය ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයකට සහභාගීවෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ඇමතිවරයා මෙසේ ද කීවේය.

“මේ පොදුජන අරගලයේ අවසන් සටන. මේ අරගලයේ ද අපට බාධක තිබ්බා. හිරිහැර තිබුණා. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අලුත් පක්ෂයක් හදන්න ඕනේ කිව්වේ මහින්ද මහත්තයා. ඒ ශ්‍රී ලංකා එක අලියාගේ නැට්ටේ එල්ලුවාට පස්සේ. රටට ආදරය කරන මිනිස්සු යු.එන්.පී එකට යන්න ලෑස්ති නෑ. ඒ නිසා තමයි අලුත් පක්ෂයක් හැදුවේ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම් වලට ගිහින් කිව්වා අලුතින් පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කියපු අය අද නෙළුම් පොහොට්ටුවට ඡන්දය ඉල්ලන්න පාරක් පාරක් ගාණේ යනවා. මතක තියාගන්න පොහොට්ටුවට ඡන්දය ඉල්ලන්න එන හැමෝම පොහොට්ටුවේ නෙමෙයි.ඒ අය ඔරිජිනල් පොහොට්ටුකාරයෝ නෙමෙයි. ඩුප්ලිකේට් පොහොට්ටුකාරයෝ. ඔරිජිනල් පොහොට්ටුකාරයෝ තමයි අපි එක්ක ඉන්නේ. මහින්ද පැරදුණාට පස්සේ රනිල් – මෛත්‍රී යහපාලනයට එරෙහිව පොදුජන අරගලයේ නිරත වූ අය තමයි පොහොට්ටුකාරයෝ. සමහර අය යහපාලනයට ගිහින් අසුචි නාගෙන, නම කැතකරගෙන හිටපු අය. මේ අය අපි ගාවට ආවා. අපිත් ඉතිං ශුද්ධ පවිත්‍ර කරලා ගත්තා. කොච්චර ශුද්ධ කළත් අසුචි ගද යන්නේ නෑ. මේ අය මොකද කරන්න හදන්නේ. තනිවම ඉල්ලලා දිනන්න බැරි නිසා තමයි මේ අය අපි ගාවට ආවේ. මහින්දට 2015 කරපු දේ 2025 දී ගෝඨාභය මහත්තයාට කරන්නයි මෛත්‍රී ගේ කණ්ඩායම හදන්නේ. අපි ඒ අවදානමයි මේ කියනනේ. මේ පාර නම් අපි ඒ සෙල්ලම් දාන්න ඉඩ තියන්නේ නෑ. 

අද මේ තරගය තියෙන්නේ රට දිනවන කණ්ඩායමයි, රට විකුණන්න හදන කණ්ඩායමයි අතර. රට හදන කණ්ඩායමට නායකත්වය දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එතුමා ආසනයක් ආසනයක් ගාණේ ගිහින් කියන්නේ ඔරිජිනල් නෙළුම් පොහොට්ටුවට විතරක් ඡන්දය දෙන්න කියලා.මොකද ආපහු පාරක් ගුටි කන්න බෑ. අපිව දාලා යන්නේ නැති පිරිසක් මෙතන ඉන්නවා. අන්න ඒ අයට පාර්ලිමේන්තු එවන්න. මේ ගෝඨාභය මහත්තයාව ආසන මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් දිනවන්න ඔය කවුරුත් හිටියේ නෑ. අපි තමයි ඔබ එක්ක හිටියේ. ඔබේ දුකට සැපට හිටියේ අපි විතරයි. අද නම් ඕනතරම් එනවා ඡන්දය ඉල්ලගෙන. ඒ අය එක එක පොරොන්දු දෙයි. හැබැයි ඒවාට රැවටෙන්න එපා. 

ඔබ දන්නවානේ රඹුටන් කථාව. රඹුටන් ගස්වල ටකයක් බදිනවා. මේ ටකයෙන් රෑට වවුල්ලු එළවනවා. දවල්ට ලේන්නු, කුරුල්ලෝ එළවනවා. මෙහෙම මහන්සි වෙලා හදන ගහේ ඵලදාව එක කාලෙකට පිටින් එනවා වෙළෙන්දෝ මේ රඹුටන් ගහ ගන්න. රඹුටන් ගහ කොහොමහරි බද්දට අරගෙන ඵලදාව මේ ආපු පිරිස අරගෙන යනවා. ඒක තමයි වෙන්නේ. අන්තිමේ දී ගහ අයිතිකාරයට  ඉතුරු වෙන්නේ ටකෙයි ලණුවයි විතරයි. ඕක තමයි පිටින් එන අයට ඡන්දය දුන්නොත් වෙන්නේ. නෙළුම් පොහොට්ටුව හදනකොට ඔය කවුරුත් හිටියේ නෑ. හැබැයි මහ මැතිවරණයට ගම්පහින් 12 ක්13 ක් එනවා කියලා එක එක්කෙනා එනවා පොහොට්ටුවේ , ගෝඨාභය මහත්තයාගේ අයිතිකාරයෝ වගේ. ඒ එන්නේ හොදකට නෙමෙයි. ඒ එන අයගේ ඇඩ්‍රස් එකක්වක් ගම්පහ නෑ. එවැනි අයට නැවත රැවටෙන්න එපා. මම කියන්නේ ඒකයි. 05 වෙනිදාට 13 ක් පාර්ලිමේන්තුට යවනකොට ඔරිජිනල් පොහොට්ටුකාරයෝ විතරක් පාර්ලිමේන්තුවට යවන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img