Monday, October 26, 2026
HomeNEWSLatest News2020 මහ මැතිවරණය - අපේක්ෂකයින් 7452ක් තරග බිමේ

2020 මහ මැතිවරණය – අපේක්ෂකයින් 7452ක් තරග බිමේ

2020 මහ මැතිවරණය – අපේක්ෂකයින් 7452ක් තරග බිමේ

අගෝස්තු හය වැනි දා මධ්‍යම රාත්‍රියට පෙර මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමටත්, අගෝස්තු හත් වැනි දා මනාප ප්‍රතිඵල නිකුත් කිරීමටත් හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුව වෙනුවෙන් මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා වන මහ මැතිවරණයේ ඡන්ද විමසීම හෙට (05) උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිතය.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20කින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 34කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර තරග වදී.

2019 ඡන්ද හිමි නාමලේඛනය අනුව මෙවර ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන් දහස් අටසිය අසූපහකි.

වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එම ගණන දාහත්ලක්ෂ අසූපන්දහස් නවසිය හැටහතරකි.

අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාව සිටින්නේ වවුනියා, මුලතිව් හා මන්නාරම යන පරිපාලන දිස්ත්‍රික්ක 3 න් සමන්විත වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ වන අතර එම ගණන දෙලක්ෂ අසූහත්දහස් විසිහතරකි.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 ක් ස්ථාපිත අතර අදාළ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද සිදුකෙරුණි.

http://sinhala.adaderana.lk/news/141199/2020-මහ-මැතිවරණය—අපේක්ෂකයින්-7452ක්-තරග-බිමේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...

සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා- පූජ්‍ය උලපනේ සුමංගල හිමි

රජය සමඟ සාකච්ඡා කර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නිදහස ලබා ගැනීමට පියවර ගන්නා බව ත්‍රෛනිකායික මහානායක හිමිවරු ලිඛිතව දැනුම් දී ඇති බැවින්,පසුගිය දින 10ක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img