Wednesday, April 29, 2026
HomeNEWS2025 ලෝක රූ රැජින තායිලන්තයේ ඔපල් සුචතා.

2025 ලෝක රූ රැජින තායිලන්තයේ ඔපල් සුචතා.

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුවාංස්රි නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය.21 හැවිරිදි තරුණියක් වූ ඇය කාන්තාවන්ගේ සෞඛ්‍ය දැනුවත්භාවය කෙරෙහි ඇති විශ්වාසය, කරුණාව සහ කැපවීම හේතුවෙන් මෙවර තරගයේ කැපී පෙනුණාය.2003 මාර්තු 20 වැනි දින තායිලන්තයේ උපත ලැබූ ඔපල් සුචාටා ප්‍රසිද්ධ නිරූපිකාවක් සහ බහු රූපලාවන්‍ය තරග ජයග්‍රාහිකාවකද වූවාය.තනෙට් ඩොන්කම්නර්ඩ් සහ සුපතා චුවාංස්රිගේ දියණිය වූ ඇය ෆුකෙට් හි ව්‍යාපාරික නැඹුරු පවුලකින් පැවත එන තරුණියකි.2024 වසරේදී තායිලන්තේ රූ රැජින කිරුළ දිනාගනු ලැබූ ඇය 2024 විශ්ව රූ රැජින තරගාවලියේදී තෙවන ස්ථානයද දිනා ගනු ලැබුවාය.ඇය දැනට ජාත්‍යන්තර වැඩසටහනක කොටසක් වන තම්මාසාට් විශ්ව විද්‍යාලයේ දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හදාරමින් සිටින තරුණියක් බවද වාර්තා වේ.එමෙන්ම ඇය ත්‍රිභාෂා දක්ෂතාවයකින් යුක්ත තරුණියක්ද විය.තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ඇය වසර අවුරුදු 16දී ඇගේ පියයුරුවල ඇති ගැටිත්තක් හඳුනා ගෙන ඇති අතර එය පිළිකා නොවන ගැටිත්තක් වූ බැවින් එය ඉවත් කිරීම සඳහා ඇය සත්කමකටද භාජනය වී තිබේ.පසුව මෙම අත්දැකීම පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා ඇය සිය ආභාසය ලබා ගෙන ඇති අතර ඒ අනුව ඇය පියරු පිළිකා ඇති කාන්තාවන්ට සහාය වන තායිලන්තයේ “ඔපල් ෆෝ හේර්” මුලපිරීමේ නිර්මාතෘවරියද වූවාය.ඇගේ මෙම සෞඛ්‍ය අභියෝගය හැරවුම් ලක්ෂයක් කර ගනිමින් ලොව පුරා කාන්තා සෞඛ්‍යට ඇති ප්‍රමුඛතම තර්ජනය වන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා රූපලාවන්‍ය තරගාවලිවලට සහභාගී වූවාය.ඇයගේ පළමු තරගය වී ඇත්තේ 2021 වසරේදී වන අතර 2022 වසරේදී ඇය මිස් යුනිවර්ස් තායිලන්ත තරගයේ ලාබාලතම තරගකාරියද වූවාය. එහිදී ඇය විශේෂ සම්මානයක් වන මිස් නැචුරල් බියුටි සමග එම තරගයේ තෙවැනි ස්ථානයද දිනා ගැනීමට සමත් විය.ඇය මෙම ලෝක රූ රැජින තරගාවලියේදී ඇගේ අත්දැකීම සමගින් පියයුරු පිළිකා සහ පියයුරු පිළිකා වින්දිතයින් පිළිබඳව වැඩි දැනුවත්භාවයක් සහ ප්‍රමුඛත්වයක් ලබා දීම සඳහා පෙනී සිටි අතර මේ තුළින් ගෝලිය වශයෙන් මෙහි බලපෑම පුළුල් කිරීමද ඇගේ අරමුණ වූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img