Saturday, August 29, 2026
HomeNEWS22ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වැරදි විදියට- දයාසිරි ජයසේකර

22ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වැරදි විදියට- දයාසිරි ජයසේකර

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ වැරදි විදියට බවත් එහි දීර්ඝ නාමය ගැන සහ එය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් එහි සඳහන් නොකොට ඇති බවත් මෙය ඉතා බරපතල තත්ත්වයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(28) සවස් කාලයේ පැවති මාධ්‍ය හමුවකදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේදී කරුණු ගණනාවක්ම මතු කරා. ඒවා ඉතා බරපතළ කරුණු බව අප එකින් එක පෙන්වා දීතිබෙනවා.
මෙම පනත් කෙටුම්පතේ දීර්ඝ නාමය විස්තර කරල තියෙන්න ඕන මූලික කාරණයක් විදිහට.දීර්ඝ නාමය විස්තර කරන විට මෙම ක්‍රියාවලිය කවද ඉඳන්ද පටන් ගන්නේ කියලා පැහැදිලිව සඳහන් විය යුතුයි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම පනතේ අඩංගු කාරණා කවද ඉඳන්ද ක්‍රියාත්මක විය යුත්තේ කියලා පැහැදිලිව සඳහන් විය යුතුයි. නමුත් මෙම සංශෝධනයේ එහෙම සඳහන් වීමක් නැහැ.
පනතෙන් සම්මත කරන නීතිය කවද ඉඳන්ද ක්‍රියාත්මක විය යුත්තේ කියලා සඳහන් විය යුතුයි.එහෙම සඳහන් වීමක් නොවන නිසා මෙය විශාල අර්බුදයක් බවට එක පැත්තකින් පත් වී තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අසූ දෙවැනි වගන්තියේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා, යම් පනත් කෙටුම්පතක් එහි දීර්ඝ නාමය විස්තර නොකොට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්න බැහැ කියලා.මේ අනුව
මූලික වශයෙන් මුල සිටම මෙම පනත ගෙන ඒමම සම්පූර්ණයෙන්ම වැරදියි.ඒ නිසා මම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී මතු කළා.ඒ අනුව මුල සිට යළි මෙය ගැසට් කරලා යලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.ඒ නිසා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම මුල සිටම වැරදියි කියන තර්කය තමයි මෙම කාරණා අනුව අපි මතු කරන්නේ .

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නඩු තීන්දු මීට පෙර දීපු අවස්ථා තියෙනවා. ඒවායේ කියලා තියෙනවා පැහැදිලිවම මෙම කාරණා ජන මත විචාරණයකට ලක් නොකොට කළ නොහැකියි කියලා.
ජන මත විචාරණයක් අනවශ්‍ය නම් වහාම විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අකුලා අකුල ගන්න කියලයි අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට ඇමෙරිකාව ගිවිසුම් අත්සන් කරයි

නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ඉන්ධන මිල අඩු කිරීම සඳහා වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට සඳහ වන ගිවිසුමක් අත්සන් කල බව...

අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යළිත් ආරම්භ කෙරේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය රජය සමයේ අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යලිත් ආරම්භ කෙරේ.....! ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන...

නැවතත් බොරු කියන්න ජනපති රට වටේ රැස්වීම් තියන්න හදනවා – විපක්ෂ නායක සජිත්

පසුගිය මැතිවරණ 03ටම පෙර වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරු කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවක් සඳහා රු. 150ක සහතික මිලක් රටේ නීතිය බවට...

නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

පූනාගල, කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී, මේ මහපොළවටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img