Thursday, October 29, 2026
HomeNEWSLatest News35000 ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට

35000 ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට

35000 ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට

අද වන විට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය ලක්වෙමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

අද (27) උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, එම කටයුතු නිරන්තරයෙන් අධීක්ෂණයට ලක්වෙමින් ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,

“පසුගිය මාර්තු මාසයේ 18 වන දින සිට මේ දක්වා කාලය තුළ මට මතක විදියට 185,000ක් පමණ විවිධ අවස්ථාවල දී නිරෝධායන ක්‍රියාවලියට යොමු කළා. ඒ කියන්නේ ගෙවල්වල ඉන්න කියලා. ඒ අයව සියලු ආකාරයෙන් අධීක්ෂණ කටයුතු කළා. මේක කෙරෙන්නේ, සෞඛ්‍ය බලධාරීන් විසින් දැන්වීමක් අදාළ ස්ථානයේ අලවනවා. ඒ ඇලෙව්වට පස්සේ, අනිවාර්යයෙන්ම මේ ප්‍රදේශය භාරව ඉන්නවා විශේෂයෙන්ම ප්‍රජා පොලිස් නිලධාරීන්. ප්‍රජා පොලිස් සංකල්පයට අනුගතව කටයුතු කරනවා. හැම ග්‍රාමසේවා වසමකටම පොලිස් බල ප්‍රදේශ හරහා පත්කරලා තියෙනවා. ඔවුන්ගේ සේවය තමයි අපි යොදවන්න බලාපොරොත්තු වෙන්නේ මේ කටයුත්තට. එක පැත්තකින් ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ, දැන්වීමක් ගැහුවට පස්සේ ඒ අය නිවසේ ඉන්න ඕනේ. අනිත් පැත්තෙන් නිරන්තර අධීක්ෂණයට ලක්වෙනවා. මේ අවස්ථාව ගත්තහම පළමුපෙළ ආශ්‍රිතයින් නෙමෙයි අනෙකුත් අය 35,000ක් පමණ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ගෘහස්ථ නිරෝධායනයට අනුගත වෙලා තියෙනවා. ඒ ක්‍රමය තවත් ශක්තිමත් කරලා දිනකට තුන් හතර සැරයක් අධීක්ෂණයකට ලක්කරන්න බලාපොරොත්තු වෙනවා. ජනතාවගේ නිරන්තර කැපවීම මේ සඳහා අවශ්‍යයි.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට(30) වැඩ වර්ජනයක

ආචාර්ය සහ සම්පත් හිඟය, අධික වැඩ බර ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන, හෙට (30) රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ එක්දින වැඩ වර්ජනයක්: විශ්ව විද්‍යාල ආචාර්ය...

උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවය අරඹයි

උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවය අරඹයි… උස්බෙකිස්තානය පදනම් කරගත් Centrum Air සමාගම, ඊයේ (28) දින ටෂ්කන්ට් සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ...

Mbappé නිසා Real Madrid පාපන්දු සංගමය චීන ජනතාවගෙන් සමාව අයදී

චීන ජනතාවගෙන් සමාව අයැද Real Madrid පාපන්දු සංගමයෙන් චීන මාධ්‍ය සමූහයට ලිපියක් Real Madrid පාපන්දු සංගමයේ ක්‍රීඩක Kylian Mbappéගේ නොසැලකිලිමත් ප්‍රකාශ සම්බන්ධයෙන් එම පාපන්දු සංගමය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img