Sunday, November 15, 2026
HomeNEWSබස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමවේදය වෙනස් කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ගැමුණු...

බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමවේදය වෙනස් කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ගැමුණු කියයි

ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත්වීමකින් තොරව බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක කීරීම තුළින් එය අසාර්ථක වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේය.

ඔහු පැවසුවේ බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමවේදය වෙනස් කිරීමට පොලීසිය ගෙන යන වැඩපිළිවලට එරහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

කෙසේවෙතත් ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ බස් ප්‍රමුඛතා මං තීරු වැඩපිළිවල හරහා බස් කර්මාන්තය දියුණුවන බවය.

කෙසේ වෙතත්, ප්‍රමුඛතා බස් මංතීරුව ඇතුළුව මංතීරු නීතිය හෙට (21) සිට දැඩිව ක්‍රියාත්මක වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, මංතීරු නීතිය කඩකරන රියදුරන්ට එරෙහිව දඩ අයකිරිම වෙනුවට අවවාද ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවය.

අධික රථ වාහන තදබදයට පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස්ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර මංතීරු නීතියේ පෙරහුරුව පසුගිය සතියේදී ක්‍රියාත්මක කෙරුණි. 

ඒ අනුව මංතීරු නීතිය සෑම දිනකම පෙරවරු 6 සිට පෙරවරු9 දක්වාත් පස්වරු 4 සිට පස්වරු 8 දක්වාත් ක්‍රියාත්මකය.

මංතීරු දෙකක් ක්‍රියාත්මක මාර්ගයක බස් රථ, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි වම් කෙළවරේ මංතීරුවේ ගමන් කළ යුතු අතර අනෙකුත් වාහන දෙවන මංතීරුවේ ධාවනය කළ යුතුය.

මංතීරු 3 ක් ක්‍රියාත්මක මාර්ගයක වම් කෙළෙවරේ මංතීරුව බස්රථ, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා වෙන්වන අතර දෙවැනි මංතීරුව හෙවත් මැද මංතීරුව බස් රථ හැර සෙසු වාහන සඳහාත්, දකුණු පස මංතීරුව අනෙකුත් වාහන සඳහාත් වෙන් කෙරේ.

මේ අතර මංතීරු 4 ක් ක්‍රියාත්මක මාර්ගයක දකුණු පස මංතීරු දෙක බස්රථ, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි හැර සෙසු වාහන සඳහා වෙන්කර තිබේ.

ඒ අනුව මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව හෙට දිනයේදී දඩ අයකිරිමක් සිදුනොකරන අතර ඒ වෙනුවට රියදුරන්ට අවවාද කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img