Sunday, November 15, 2026
HomeNEWSකෝටි 80ක තහනම් භාණ්ඩ රේගු වේ

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගු වේ

ආනයනය තහනම් කර ඇති සහ සීමා කර ඇති විදේශ මත්පැන් ඇතුළු රුපියල් කෝටි 80කට අධික වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන්වා තිබිය දී රේගු භාරයට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරි සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, කහ, විදෙස් මත්පැන්, චීස්, පැස්ටා, එළවළු හා ඔලිව් තෙල් මෙලෙස සොයාගෙන ඇති බවය.

මෙම භාණ්ඩ වරින් වර මෙරටට එවා ඇති අතර එහි කහ කිලෝ 1,015,000ක ප්‍රමාණයක් තිබූ බව සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර රේගුව තුළ සිදුකෙරෙන වංචා වැළැක්වීම සඳහා නව ස්කෑන් යන්ත්‍රයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img