Sunday, November 15, 2026
HomeNEWS20 අද පාර්ලිමේන්තුවට - පාර්මේන්තුව රැස්වන වෙලාවේ වෙනසක්

20 අද පාර්ලිමේන්තුවට – පාර්මේන්තුව රැස්වන වෙලාවේ වෙනසක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (22) යළි රැස්වීමට නියමිතව තිබේ.

අද දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීම් වේලාව වෙනසක් සිදුවන අතර, ඒ අනුව පෙරවරු 10.00ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට නියමිතය.

පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු සිදුවන අතර පස්වරු 4.30 සිට 5.30 දක්වා කාලය සභාව  කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.

9 වන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීමේ කටයුතු ද අද දිනයේ සිට ආරම්භ වන අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා ඒ සඳහා කාලය වෙන්කර ඇත.

මේ අතර අද පස්වරු 2.30ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් “කෝප්“ කමිටුවේ පළමු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.

අද දිනයේ දී කෝප් කමිටුව සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීමට නියමිතය.

ලබන 24 වන දින මහජන පෙත්සම් කාරක සභාව ද රැස්වීමට නියමිත අතර එදින ඒ සඳහා ද සභාපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවති අතර එහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඉදිරි පියවර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබේ.

ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එම කමිටුව පත්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img