කොවිඩ් වසංගතයෙන් පසු දකුණු කොරියාවට යන ප්රථම ශ්රී ලංකික ශ්රමික කණ්ඩායමට තානාපති සුබපතයි
දකුණු කොරියාවේ රැකියා සඳහා යෑමට 21දෙනෙකු ගෙන් සමන්විත තරුණ ශ්රමිකයින් කණ්ඩායමක් තෝරාගෙන තිබේ.
කොවිඩ් -19 වසංගතයෙන් අනතුරුව එරට රැකියා සඳහා නික්මෙන මෙරට ප්රථම ශ්රමිකයින් කණ්ඩායම ඔවුන් වේ.
එම කණ්ඩායම හෙට (24) දකුණු කොරියාව බලා යෑමට නියමිත බව ශ්රී ලංකාවේ පිහිටි දකුණු කොරියානු තානාපති කාර්යාලය පැවසීය.
ඔවුන් පසුගියදා ශ්රී ලංකාවේ සිටින දකුණු කොරියානු තානාපති ජියොන් වූන්ජින් මහතා හමුවිය.
තරුණ පිරිස සමග සුහද පිළිසඳරක නිරත වෙමින් තානාපතිවරයා පැවසුවේ මෙය “වැදගත් සහ වටිනා” මොහොතක් බවය.
තවදුරටත් ඔහු පැවසුවේ, මෙම පිරිසට දකුණු කොරියාවේ සංවර්ධනය වෙනුවෙන් දායකවීමටත් දෙරට අතර බැඳීම ශක්තිමත් කිරීමටත් හැකියාව ලැබෙතැයි තමා විශ්වාස කරන බවය.
මේ වනවිට, ශ්රී ලාංකිකයින් 23,000ක් පමණ දකුණු කොරියාවේ රැකියාවල නියැළෙන අතර ඔවුන් අමෙරිකානු ඩොලර් මිලියන 520ක් පමණ මෙරටට ඒවා තිබේ.






















