නිවාස සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට කාර්යාලයට ජනපති යයි – වීඩියෝ සහිතයි
නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හදිසි නිරීක්ෂණයට ලක් වෙයි.
සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා අද (23) පස්වරුවේ කාර්යාලය වෙත ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
රාජකාරි අවශ්‍යතාවයක් සඳහා අවස්ථා ගණනාවක දී එම කාර්යාලයට පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති අතර කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන බව පැමිණිලිකාරිය සඳහන් කර තිබුණි.
එම කාර්යාලය අධීක්ෂණය කළ ජනාධිපතිවරයාට ප්‍රමාණවත් සේවක පිරිසක් එහි සිටින බව නිරීක්ෂණය විය.
සේවා ලබා ගැනීමට පැමිණි අබාධිත පුද්ගලයෙකු දැඩි අපහසුතාවට පත්වී සිටි අයුරු දුටු ජනාධිපතිවරයා, ඔහුගේ අවශ්‍යතාව සහ තොරතුරු විමසීය.
මහජන අවශ්‍යතා කාර්යක්ෂමව හා නොපිරිහෙලා ඉටුකිරීම රාජ්‍ය සේවකයන්ගේ මූලික වගකීම බව කාර්ය මණ්ඩලය හමු වූ ජනාධිපතිවරයා අවධාරණය කළේය.






















