රොහා සොයා ගිය මෙහෙයුම
පුද්ගල ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අපරාධකල්ලි සාමාජිකයෙකු වන හැරල් රෝහණ ද සිල්වා නොහොත් “ගොනා කෝවිලේ රොහා” නැමැත්තා මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ දී පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබේ.
බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට අද (24) අලුයම මීගමුව කොච්චිකඩේ , කම්මල්තොට ප්‍රදේශයට ගොස් තිබුණේ “ගොනා කෝවිලේ රෝහා“ හෙවත් හැරල් රෝහණ ද සිල්වා නැමැත් එම ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරකට අනුවය.
එහිදී ඔවුන්ට අනාවරණ වී තිබුණේ “රෝහා“ නැමැත්තා ට්‍රෝලර් යාත්‍රාවක් උපයෝගී කරගනිමින් ඉන්දියාවට පලායාමට උත්සහා දරණ බවය.
එම අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට ඔහු විසින් වෙඩි තබා තිබේ.
එහිදී පොලීසිය සිදුකළ ප්රතිප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ “රොහා“ මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බව පොලීසිය පැවසුවේය.
පසුව පසුව ඔහු සතුව තිබූ ටී.56 වර්ගයේ ගිනි අවියක්, රිවෝල්වරයක් සහා ඉන්දීය රුපියල් ලක්ෂ 03 ක මුදලක් පොලීසිය විසින් සොයාගනු ලැබීය.
මොහු මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකයට අවශ්‍යව සිටි අයෙකි.






















