Saturday, November 14, 2026
HomeNEWSCOVID-19ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3333 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (24) නව ආසාදිතයන් 09 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.   

ඉරාන, කටාර්, එක්සත් ආරාබි එමීර්, මාලදිවයින් සහ කුවේට් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටින පුද්ගලයින් 09 දෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ආසාදිතයින්  178 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය  සඳහන් කළේය.

එසේම, අද (25) දිනය වනවිට පුද්ගලයින් 44,788 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 68ක් තුළ පුද්ගලයින් 6,562 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ දිනය තුළදී PCR පරික්‍ෂණ 1612ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 275,590 ප්‍රමාණයක් සිදුකර ඇත. 

එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 646 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 04 දෙනෙකු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img