Saturday, November 14, 2026
HomeNEWSLatest Newsමිලේනියම් සිටි නඩුව - වැඩිදුර විභාගය දෙසැම්බර් 17 වන දා

මිලේනියම් සිටි නඩුව – වැඩිදුර විභාගය දෙසැම්බර් 17 වන දා

මිලේනියම් සිටි නඩුව – වැඩිදුර විභාගය දෙසැම්බර් 17 වන දා

මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කර තිබේ.

2002 වසරේ ජනවාරි මස 02 වන දා අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවාසයක් වටලා එහි සිටි බුද්ධි අංශ සාමාජිකයින් සහ අවි ආයුධ අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම, ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීම සහ රටේ ස්වෛරීභාවයට හානි සිදුකිරීම යනාදී චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

නඩුව අද (25) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඇප මත මුදාහරිනු ලැබ සිටින එහි විත්තිකරු වන හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතා අධිකරණය හමුවේ පෙනීසිටියේ ය.

එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේ, මෙම නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වනදා යළි කැඳවන බවය.

එදින ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතාගෙන් සාක්ෂි විමසීමට නියමිතය.

මෙම නඩුව මුලින්ම මහනුවර මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණ ද පසුව නීතිපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව එහි විභාගය මේ වන විට කොළඹ මහාධිකරණය වෙත මාරුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img