Saturday, November 14, 2026
HomeNEWSLatest Newsකොටි මස් විකිණු තිදෙනෙක් අත්අඩංගුවට - අඹුසැමි යුවළකුත් ඒ අතර

කොටි මස් විකිණු තිදෙනෙක් අත්අඩංගුවට – අඹුසැමි යුවළකුත් ඒ අතර

කොටි මස් විකිණු තිදෙනෙක් අත්අඩංගුවට – අඹුසැමි යුවළකුත් ඒ අතර

මහනුවර, උඩුදුම්බර ප්‍රදේශයේදී කඳුකර කොටියෙකු මරා මස් අලෙවි කරමින් සිටි අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් සහ මස් අලෙවි කිරීම සඳහා ‍යොදාගත් ත්‍රීරෝද රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

උඩදුමිබර පොලීසියට ලද තොරතුක් මත එම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

උඩදුමිබර, කලල්ගමුව ප‍්‍රදේශයේ දී ඌරන්ට ඇටවූ මන්දකට එම කොටියා හසුවී ඇති බව පොලීසිය විසින් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට සැකකරුවන් දෙදෙනා විසින් මන්දට හසු වූ කොටියා මස් කර අලෙවි කිරීමට කටයුතු කර ඇති අතර අදාළ කාන්තාව ඔවුන් දෙදෙනාට සහය වී ඇති බව වාර්තා වේ.

සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මියගිය කොටියාගේ මස් හා ශරීර කොටස් සොයා ගැනීමට පොලීසියට හැකිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (25) තෙල්දෙනිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img