ලක්ෂ 120ක් වටිනා කේරළ ගංජා තොගයක්
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ කරගත් තොරතුරු මත සිදුකළ වැටලීමකදී ගංජා සන්තකයේ තබාගත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසලදී ඊයේ (26) දහවල් අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයින් 6 දෙනා සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 700ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 120 ක් පමණ වන බව අප වාර්තාකරු පැවසුවේය.
සැකකරුවන් සන්තකයේ තිබී ගංජා ප්‍රවාහනය කිරීමට යොදා ගත් ජීප් රථයක් හා ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත්ව ඇත්තේ වත්තල, ගුණසිංහපුර සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26ත් 47ත් අතර පසුවන්නන් පිරිසකි.
ඔවුන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද (27) ඉදිරිපත් කිරීමට නියමිතය.






















