පාස්කු ප්‍රහාරයට පෙර විදෙස් බුද්ධි අංශ කළ පූර්ව දැනුවත්කිරීම පිළිබඳව එවක පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා තමන්ව විධිමත් ලෙස දැනුවත් නොකළ බවත්, එසේ දැනුවත් කළේ නම් ප්‍රහාරය ව්‍යාර්ථ කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායට පැහැදිලි හැකියාවක් තිබූ බවත් එහි හිටපු අණදෙන නිලධාරි එම්.ආර් ලතීෆ් මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (26) සාක්ෂි දෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවේ ප්‍රහාරයක් පිළිබඳ ඉකුත් වසරේ අප්‍රේල් 4 දින විදෙස් බුද්ධි අංශයක් ලබාදුන් මුල් පුර්ව දැනුවත් කිරීමේ තොරතුර පිළිබඳ ඔහු දැනසිටියේද යන්නය.
එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන්ට යොමුකර තිබු අදාළ තොරතුර ඉකුත් වසරේ අප්‍රේල් මස 09 දින පස්වරු 6.45 ට පොලිස් විශේෂ් කාර්ය බලකා මුලස්ථානයට ලැබී තිබු නමුත් තමා ඒ වන විට විදෙස්ගතව සිටි බවය.
අප්‍රේල් මස 10 වන දින තමන් යළි දිවයිනට පැමිණිමෙන් පසු කාර්යාලයට යාමට ප්‍රථම එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අමතා සර්, විශේෂ යමක් තියෙනවාදැයි විමසු නමුත් එහෙම විශේෂ දෙයක් නැහැ යැයි පොලිස්පතිවරයා පිළිතුරු ලබාදුන්නේ යැයි ලතීෆ් මහතා ප්‍රකාශ කළේය.






















