Saturday, November 14, 2026
HomeNEWSCOVID-19ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගේ තොරතුරු

ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගේ තොරතුරු

ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගේ තොරතුරු

තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 3363 දක්වා ඉහළ ගොස් තිබේ.

ලෙබනනයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් හා මුහුදු ආරක්ෂකයෙක් ලෙස මෙරටට පැමිණි අයෙක් ද නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 140 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

රෝගීන් 3210 කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර, ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 1203ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ ගණන 284,059ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අබුඩාබි, දෝහා කටාර් හා කටාර් සිට අද (29) උදෑසන පුද්ගලයින් 97 දෙනෙක් මෙරට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

මේ අතර, අද දිනය තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 297ක් නිවෙස් බලා පිටව යෑමට නියමිතය.

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 75ක් තුළ පුද්ගලයින් 6,882ක් නිරෝධායනය වෙමින් සිටින බව ද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය  සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img