Saturday, November 14, 2026
HomeNEWSLatest Newsකොවිඩ් 19න් පීඩාවට පත් සංචාරක කේෂ්ත්‍රයේ නියුතු හෝටල් හා වාසස්ථාන වලට විදුලි...

කොවිඩ් 19න් පීඩාවට පත් සංචාරක කේෂ්ත්‍රයේ නියුතු හෝටල් හා වාසස්ථාන වලට විදුලි බිල ගෙවීමට වසරක සහන ලබාදෙන චක්‍රලේඛය නිකුත් වේ.

කොවිඩ් 19න් පීඩාවට පත් සංචාරක කේෂ්ත්‍රයේ නියුතු හෝටල් හා වාසස්ථාන වලට විදුලි බිල ගෙවීමට වසරක සහන ලබාදෙන චක්‍රලේඛය නිකුත් වේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථාන වල විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදෙයි. ඊට අදාල උපදෙස් විදුලිබල මණ්ඩලය මඟින් සියළුම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම පියවර ගෙන තිබේ. මීට අදාල කැබිනට් පත්‍රිකාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අතර ඊට අනුමැතිය හිමිව තිබිණි. ඒ අනුව සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් හා වාසස්ථාන සඳහා 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තඅ 31 වන දින දක්වා සමුච්චිත විදුලි බිල්පත් 2020 සැප්තැම්බර් මස 01 වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි සමාන වාරික 12කින් ගෙවීමට අවස්ථාව සලසා තිබේ. එම කාලය තුල විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසද විදුලි බල මණ්ඩලය සිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත දැනුම් දී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා 2020.09.02 වැනි දින ලංකා විදුලි බල මණ්ඩල සමාන්‍යාධිකාරිවරයා හා ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා වෙත දැනුම් දී ඇත්තේ අදාල සහනය සැලසීමට වහාම පියවර ගන්නා ලෙසය. ඒ අනුව මෙම සහන ලබාදෙන ලෙස විදුලි බල මණ්ඩලයෙ සියලුම කාර්යාල දැනුවත් කර කල බව විදුලි බල මණ්ඩලය අමාත්‍යංශ ලේකම්වරයා තමන් දැනුවත් කර ඇතැයි ඇමතිවරයා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img