Saturday, November 14, 2026
HomeNEWSLatest Newsප්‍රවීණ සිනමා, වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ ටෙනිසන් කුරේ මහතාගේ...

ප්‍රවීණ සිනමා, වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අග්‍රාමාත්‍යතුමා අවසන් ගෞරව දක්වයි

ප්‍රවීණ සිනමා, වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අග්‍රාමාත්‍යතුමා අවසන් ගෞරව දක්වයි

ලාංකික ප්‍රහසන රංග කලාවට නවමානයක් එක් කළ ප්‍රවීණ සිනමා, වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ ටෙනිසන් කුරේ මහතාගේ දේහයට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.09.30 දින අවසන් ගෞරව දැක්වූයේය.

මොරටුමුල්ල, විල්ලෝරාවත්තේ පිහිටි නිවසට ගිය අග්‍රාමාත්‍යතුමා, ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වමින් ඒ මහතාගේපවුලේ සාමාජිකයින් සමඟ ශෝකය බෙදා ගත්තේය.

වර්ෂ 1986 දී  සිනමාවට අවතීර්ණ වන ටෙනිසන් කුරේ මහතා,  ඉතා කෙටි කාලයක් තුළ විකට නළුවෙකු ලෙසින් සිය ප්‍රතිභා පූර්ණ රංගන කෞෂල්‍ය තුළ සුවහසක් ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර විය.  

මෙරට ප්‍රහසන සිනමාවට නැතුවම බැරි චරිතයක් බවට පත්වූ, ටෙනිසන් කුරේ මහතා විශිෂ්ට විකට නළුවෙකු ලෙස ලාංකේය ප්‍රේක්ෂකයන් සිනහවෙන් මුසපත් කරමින් චිත්‍රපට රැසක ප්‍රහසන රංග ශිල්පියා ලෙස කළ අද්විතීය රංගන දායකත්වය සදා අනුස්මරණීය වේ.

සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන්  යුත් පවුලේ දෙවැනියා වූ ටෙනිසන් කුරේ මහතා දියණියකගේ ආදරබර පියෙකි.

මෙම අවස්ථාව සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී මොරිස් විජේරත්න, මොරටුව උප නගරාධිපති සමන්ත සිල්වා, ප්‍රවීන රංගධර බන්දු සමරසිංහ මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img