ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයින් 25ක් විදෙස්ගත වෙලා
ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයින් 25 දෙනෙකු මේ වන විට විදෙස්ගතව සිටින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඉන් 19 දෙනෙකු සඳහා ජාත්‍යන්තර රතු නිවේදන මේ වන විටත් නිකුත් කර ඇති බවය.
ටී.වී දෙරණ ඔස්සේ ඊයේ (30) රාත්‍රියේ විකාශය වු අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමඟ එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව පැවසීය.
එම වැඩසටහන සමග එක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ පසුගිය මාස දෙකක කාලය තුළ අපරාධ කල්ලි සාමාජිකයින් සමග සබඳතා පැවැත්වූ බන්ධනාගාර නිළධාරින් 08 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවය.






















